කොටි විසින් උතුරෙන් මුස්ලිම් වැසියන් පලවා හැර වසර 25ක් සපුරයි

muslimඋතුරු පලාතේ ඉතා සාමකාමීව ජීවත් වූ මුස්ලිම් වැසියන් කොටි විසින් එම ප්‍රදේශයෙන් පලවා හැරියේ මීට වසර 25කට පෙරය. එනම්, 1990 ඔක්තෝබර් 23 වැනිදා හදිසියේම උදේ වරුවේ උතුරේ මුස්ලිම් වැසියන් සියලුම දෙනා යාපනය නගර මධ්‍යයට කැඳවූ එවකට කොටි සංවිධානයේ ප්‍රධානියා වූ ආන්ජනේයර්, ප්‍රදේශයේ වාසය කරන සියලුම වැසියන් පැය දෙකක් ඇතුළත වහාම ඊළාම් රාජ්‍යයෙන් පිටවිය යුතු බවත් තමන් ඇඳගෙන සිටි ඇඳිවත පමණක් හැර තමන් ඊළම් රාජ්‍යයෙන් උපයාගත් කිසිවක් පිටතට ගෙන යා නොහැකි බවත් මුදල් තඹ සතයකුදු ගෙන යා නොහැකි බවත් ප්‍රකාශ කළේය. මෙහිදී රැස්වූ මුස්ලිම් ජනයාට කිසිදු ප්‍රශ්නයක් ඇසීමට කිසිදු ඉඩක් නොදුන් ඔහු පැය දෙකක් ඇතුලත සිය ශරීර කූඩු ආරක්ෂා කර ගෙන පිටව නොගියහොත් වෙඩි තබා මරා දමන බව ප්‍රකාශ කළේය.

යාපනයෙන් පිටව යන මුස්ලිම් වැසියන් සෝදිසි කිරීම සඳහා කොටි සෙබලු හා සෙබලියන් යොදවන ලදී. කාන්තාවන් සෝදිසි කිරීම සඳහා සෙබලියන් ද පිරිමින් සෝදිසි කිරීම සඳහා කොටි සෙබලුන් ද යොදවන ලදී. මෙහිදී කිරිබොන කිරි සප්පයින් සඳහා රැගෙන ගිය කිරි පිටි ටික පවා කොටි සෙබල සෙබලියන් විසින් ඔවුන්ගෙන් උදුරා ගන්නා ලදී. කෙසේ හෝ වවුනියාව දක්වා පැමිණ වවුනියාවෙන් එළියට ආ මෙම මුස්ලිම් වැසියන් පුත්තලම, කල්පිටිය, අනුරාධපුරය, කොළඹ, පානදුර වැනි ඔවුන්ගේ ඥාතීන් සිටි ප්‍රදේශවලට ගියහ. ඔවුන් යාපනයෙන් පිටවෙද්දී ඔවුන්ගේ අසල්වැසයින් වූ දෙමළ ජනතාව ද කොටින්ගේ මෙම ම්ලේච්ඡ ක්‍රියාව ගැන කුපිතව සිටියහ. ඔවුන් සතුව තිබූ වාහන වලින් ඇවිදින්නට නොහැකි වයසක අය හා බඩ දරු අම්මලා හා කුඩා දරුවන් වවුනියාවට ප්‍රවාහනය කර දෙන ලදී.

මෙහිදී දකුණේ තමන්ගේ ඥාතීන් සිටි තැන්වලට සමහර මුස්ලිම් වැසියන් ගිය අතර, අනෙක් අය පුත්තලම කල්පිටිය, අනුරාධපුර වැනි තැන්වල අනාථ කඳවුරු පිහිටුවා රජය විසින් ඔවුන් එම අනාථ කඳවුරුවල ගාල් කලහ. මුලදී සතියකට එක පවුලකට රුපියල් 350/= ක සහනාධාරයක් ලබා දුන් රජය, කාලයක් යන විට එම සහනාධාර දීමද නවත්වන ලදී. එසේම, රටේ සමහර ස්වෙච්ඡා සංවිධාන ද ටික කාලයක් මොවුන්ට යම් යම් සහනාධාර දුන්න ද, පසුව ඒ සියල්ල ද නතර වී මෙවැනි පිරිසක් සිටින බව මුළු රටටම අමතක විය.

යුද්ධය අවසන් වී දැනට වසර 6කට වැඩි කාලයක් ගෙවී ඇති නමුත්, තවමත් මෙම මුස්ලිම් අනාථයින්ගේ ප්‍රශ්නය විසඳී නැත. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව කොටි සංවිධානයේ ඊළම් සාපය නිසා සිය ගම්බිම් හැර යාමට සිදුවූ මෙම අනාථයින් සඳහා තවමත් නිසියාකාර වැඩ පිළිවෙලක් යොදා නොමැති අතර, අවුරුදු 25ක කාලයක් යන විට ඔවුන්ගේ ප්‍රශ්න තව තවත් තීව්‍ර වී ඇත. එදා යාපනයෙන් පිටවන විට වර්ෂයක් වූ කුඩා දරුවෝ අද අවුරුදු 25ක තරුණයින්ය. යුද්ධයෙන් පසු මොවුන් නැවත පදිංචිකර ඔවුන්ගේ ප්‍රශ්නය විසඳා දීම සඳහා පැවති මහින්ද රාජපක්ෂ රජයේ බලගතු මුස්ලිම් ඇමතිවරු කිහිප දෙනෙක් සිටිය ද ඔවුන් කිසිදු උත්සාහයක් ගත්තේ නැත. රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ. එච්. එම්. ෆවුසි, ෆයිසර් මුස්තාපා වැනි ඇමතිවරු එම රජයේ සිටි අතර, වර්තමාන යහපාලන ආණ්ඩුවේද මොවුන් බලගතු ඇමතිවරුය. නමුත් මෙම මුස්ලිම් ජනයාගේ ඡන්ද ඔවුන්ට නොලැබෙන නිසා මොවුන් පිළිබඳව ඔවුන් වචනයක්වත් කට අරින්නේ නැතිව මුඛවාඩම් බැඳගෙන සිටී. මොවුන් ගැන කතාකල එවකට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයාව සිටි එම්. සිවසිද්ම්බරම් මහතා, අසාධාරණ ලෙස යාපනයෙන් පලවා හැරි මුස්ලිම් ජනයා නැවත පදිංචි කරන තුරු තමන් නැවත යාපනයට නොයන බව පැවසූහ. එසේම, ඒ මහතා මිය යන තෙක්ම යාපනයට නොගිය අතර මිය යන විට රනිල් වික්‍රමසිංහ සහ කොටි අතර සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වෙමින් තිබිය දී ඔහුගේ මෘත දේහය යාපනයට ගෙන යන ලදී.

මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා මහතා යුද්ධයෙන් පසු මොවුන් යළි පදිංචි කරවීම සඳහා දැඩි උත්සාහයක යෙදුනු නමුත් ඔහුට ඒ සඳහා එවකට මහින්ද රාජපක්ෂ රජයෙන් සහ උතුරේ සිවිල් පරිපාලනයට ඇගිලි ගසමින් සිටි හමුදා නිලධාරීන්ගේ ද අවශ්‍ය සහාය හරියාකාරව නොලැබුණි. එමනිසා ඔහුට ද එම ප්‍රශ්නය විසඳිය නොහැකි විය.

කොටි සංවිධානයේ මුස්ලිම් ජනයා උතුරෙන් පලවා හැරීමට සැබෑ හේතුව වන්නේ ඔවුන්ගේ බෙදුම්වාදී සටනට මෙම ජනතාව සහාය නොදීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම ජනතාව අදත් විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටින අතර, තවමත් සිය ගම්බිම්වල පදිංචිවීමට නොහැකිව අසරණව සිටී. බෙදුම්වාදයට එරෙහිව මේ රටේ ජනතාව විශාල පිරිසක් සිටියත්, මෙම මුස්ලිම් ජනතාව කෙරෙහි කිසිදු හැගීමක් ඔවුන් තුළ නැත. යාපනයේදී මෙම ජනතාව මුලුමනින්ම යලි පදිංචි වී නැත. මන්නාරමේ ඔවුන් කලින් පදිංචි ස්ථානවලට යුද්ධයෙන් පසු ඔවුන් ගිය විට දක්නට ලැබුණේ සමහර ප්‍රදේශයේ රජයේ ආයතන විසින් එම ඉඩම් පවරා ගෙන තිබීමයි. මෑතකදී විල්පත්තු ප්‍රෙද්ශයේ මතුවූ ගැටළුව ද එහිම කොටසකි. මෙම ඉඩම්වල තමන් කලින් පදිචි වී සිටි බව එම ජනතාව කිවුවද, රජයේ නිලධාරීන් හා පරිසර සංවිධාන ඒවා ප්‍රතික්ෂේප කරති. 1990 වසරේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ ලැයිස්තු හා ඡන්ද ලේඛන පරීක්ෂා කිරීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි වුවත් රාජ්‍ය නිලධාරීන් එවැනි පහසු විසඳුමකට යන්නේ නැත.

මේ රටේ සංහිඳියාව ඇති කිරීම සඳහා මැදිහත්වන ජාත්‍යන්තර සංවිධාන හා රටවල් ද මේ ප්‍රශ්නය ගැන සැළකිල්ලක් දක්වන්නේ නැත. වර්තමාන යහපාලන ආණ්ඩුවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ‘වාලම්පූරිනෙට්’ පෙන්වා දෙන්නේ අවුරුදු 25ක් ගිය මෙම පිරිසගේ ප්‍රශ්නය විසඳා දීම සඳහා වහාම පියවර ගන්නා ලෙසය.

විහිලු පැක්ටරිය

Laughter5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ආදර්ශ ප්‍රශ්න පත්‍ර අංක 01

වඩාත් සුදුසු පිළිතුර තෝරන්න

  1. ප්‍රගීත් එක්නැලිගොඩ තර්ජනයක් වූයේ කාටද?

(අ)       රනිල් වික්‍රමසිංහට

(ආ)      චම්පික රණවකට

(ඇ)      ශිරාල් ලක්තිලකට

(ඈ)      මහින්ද රාජපක්ෂ

(ඉ)       ගෝඨාභය රාජපක්ෂට

(ඊ)       සරත් ෆොන්සේකාට

(උ)       මංගල සමරවීරට

(උ)       සන්ධ්‍ය එක්නැලිගොඩට

(එ)       ගීතා කුමාරසිංහට

 

  1. ප්‍රගීත් එක්නැලිගොඩ මසකට වරක් දඹුල්ල, සීගිරිය සංචාරය කළේ ඇයි?

(අ)       සීගිරියේ ඔහු වගාකළ ඉඩම බැලීමට

(ආ)      කන්ඩලමේ ඔහුගේ මෑණියන් බැලීමට

(ඇ)      සීගිරියේ සිටි විවාහයට පෙර පැරණි පෙම්වතිය බැලීමට

(ඈ)      සීගිරිය නැරඹීමට

(ඉ)       එල්.ටී.ටී.ඊ. යහලුවන් හමුවීමට

 

  1. එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට හේතුව කුමක්ද?

(අ)       යුද්ධයේදී රසායනික අවි භාවිතා කළ බවට ලොවට හෙළි කිරීම

(ආ)      රාජපක්ෂ පවුලට එරෙහිව මිනී අලු තැපෑලෙන් යැවීම

(ඇ)      චම්පික රණවකගේ පෞද්ගලික ජීවිතයට එරෙහිව මාධ්‍ය දැනුවත් කිරීම

(ඈ)      එල්.ටී.ටී.ඊ.ය සමග දකුණේ ප්‍රහාර දියත් කිරීමට කටයුතු කිරීම

(ඉ)       එක්සත් ජාතික පක්ෂයේ සියරට පුවත්පතේ රැකියාව කරද්දී රනිල් වික්‍රමසිංහට හා රුවන් විජේවර්ධනට විරුද්ධ වීම

 

  1. ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේ කවුද?

(අ)       ගයන්ත කරුණාතිලක

(ආ)      නිශාන්ත මුතුහෙට්ටිගම

(ඇ)      සරත් අමුණුගම

(ඈ)      දයාන් ජයතිලක

(ඉ)       නාමල් රාජපක්ෂ

 

  1. හිරුණිකාට මරණ දඩුවම් යොජනා ලණුව දුන්නේ කවුද?

(අ)       විජේදාස රාජපක්ෂ

(ආ)      රන්ජන් රාමනායක

(ඇ)      වික්ටර් අයිවන්

(ඈ)      රෝසි සේනානායක

(ඉ)       චන්ද්‍රානි බණ්ඩාර

(ඊ)       වෙලේසුදා

 

මෙය 5 වන ශෙර්‍නිය ශිෂ්‍යත්වය සදහා ආදර්ශ ප්‍රශ්න පත්‍රයකි. මෙයට හරිහැටි පිළිතුරැ දිය හැකිනම් කොළඹ උසස් ර්‍ශේණිය් පාසැලකට අල්ලස් නොදී ඇතුලුවිය හැකි බව දන්වන අතර ඔබේ පිළිතුරු කොමෙන්ට් කරන මෙන් ඉල්ලා සිටිමු.

වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 500ක් ජාතික සංහිදියාව වෙනුවෙන් යොදා ගන්නවා – මහින්ද සමරසිංහ

hon mahinda samarasingheනිපුනතා හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ 2015.10.08 වැනි දින රූපවාහිනී සංවාදයකට යෙදෙමින් මාධ්‍යවේදී බන්දුල ජයසේකර සමග ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට මේ රජයෙන් ලැබුණු නිපුනතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට වැඩක් කළ හැකි අමාත්‍යාංශයක් බවත් අද මේ රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා එම අමාත්‍යාංශය සතුව ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 500ක් යොදා ගැනීමට තමන් සැළසුම් කර ඇති බවයි.

මානව අයිතිවාසිකම් ක්‍ෂේත‍්‍රයේ තමන්ට විශාල අත්දැකීම් සම්භාරයක් ඇති නිසා පසුගිය මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය සමය ජිනීවා මානව අයිතිවාසිකම් කොමිසම නියෝජනය කිරීම සඳහා තමන් යොදා ගත් බවත්, තමන් එම රජයේ ඇමතිවරයෙකුව සිටියදීත් එම රජයේ විදේශ ප‍්‍රතිපත්තිය විවේචනයට ලක් කිරීම නිසාත්, මහින්ද රාජපක්‍ෂ මහතාට අවශ්‍ය විදිහට තමන්ව පාලනය කිරීමට නොහැකිවීම හේතුකොට ගෙනත් ඔහුට අවශ්‍ය විදිහට තමන් බටහිර රටවල් විවේචනයට ලක් නොකළ නිසාත් තමන් එසේම රාජ්‍ය නොවන විදේශීය සංවිධාන සමග තමන්ට ඇති සම්බන්ධතා නිසාත් තමන්ට එම රජයේ විදේශ අමාත්‍ය ධූරය ලබාදීමට කටයුතු නොකල බව ද ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා එම කරුණුවල ප‍්‍රතිඵලක් ලෙස ජිනීවා මානව අයිතිවාසිකම් කොමිසම ශ‍්‍රී ලංකාවට එරෙහි වූ බව ද ප‍්‍රකාශ කළේය.

ලංකාවේ නව ජනපති හා අගමැති හා නව ජාතික ආණ්ඩුව යටතේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අධිකරණයේ නීතියේ හා පොලීසියේ ස්වාධීන බව ඇතිවී මානව හිමිකම් රැුකෙන රටක් ලෙස ජාත්‍යන්තරය පිළිගෙන තිබෙන බවත්, ඒ තුල පසුගිය ජනවාරිවල ලංකාවට එරෙහිව ගෙන ඒමට තිබූ දැඩි යෝජනාව නවතා සැප්තැම්බර් දක්වා ලංකාවට කල් දුන් බව ද, නව රජයේ ක‍්‍රියාකාරකම් නිරීක්‍ෂණය කිරීමෙන් පසු යුද අපරාධ හෝ හිටපු දේශපාලන නායකයන් හෝ රණවිරුවන් ගැන සඳහන් කරන්නේ නැතිව ජිනීවා යෝජනාව එලියට ආ බව ද, ජාත්‍යන්තර පරීක්‍ෂණය වෙනුවට හයිබි‍්‍රඞ් අධිකරණයක් හරහා දේශීය පරීක්‍ෂණයට යෝජනා ආවත් ලංකා ආණ්ඩුව මැදිහත් වී දෙමුහුන් ස්වරූපයක් නැති දේශීය පරීක්‍ෂණයකට මාරුවෙන්නට අප සමත්වීම විශාල ජයක් බවද ප‍්‍රකාශ කළේය.

අප මෙවර ජිනීවා වල සම්මත වූ යෝජනාව තුළින් යම් වාසියක් ලබාගත් බව ඇත්ත බව ද, එය සමහරුන් හඳුන්වන ආකාරයට විශාල ජයග‍්‍රහණයක් නොවන බවත්, ඒ ජයග‍්‍රහණක් බවට පත්වන්නේ ජනීවාවල අප ගැන කථා නොකරන දවසක් උදා වූ විට බව ද, ඒ සඳහා අපට ඉදිරිකාලයේ විශාල වැඩ කොටසක් කිරීමට තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.

ජිනීවාවල අපට යම් වාසියක් වූ බව ප‍්‍රකාශ කළ හැක්කේ එහි සම්මත වූ යෝජනාව පිළිබඳව තමිල්නාඩුව මහ ඇමතිනි ජයලලිතා හා තමිල්නාඩු දේශපාලඥයෙකු වූ වෛකෝ දැඩි විරෝධය පල කර තිබීම බව ද තවදුරටත් පැවසීය.

2015 නොබෙල් සාම ත්‍යාගය ටියුනීසියා සංහිදියා සංවිධානයට – ත්‍යාගයේ වටිනාකම ඇ.ඩො. මිලියන 1.2ට අධිකයි

Nobel_Prize2015 වසරේ නොබෙල් සාම ත්‍යාගය ටියුනීසියාවේ ජාතික සංහිදියා සංවිධානයට පිරිනැමීමට මේ මස 09 වනදා ඔස්ලෝ නුවර රැස්වුණු නොබෙල් කමිටුව තීරණය කළ බව එම සාම කමිටුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා ප‍්‍රකාශ කර සිටියේය.

2011 වසරේ ටියුනිසියාවේ හටගත් ජනතා කැරැුල්ල නිසා 1987 සිට ඒ රටේ බලයේ සිටි ජනාධිපති බෙන් අලීට බලය අහිමි විය. ඔහු ඉතා දරුණු ඒකාධිපතියෙකු ලෙස රට පාලනය කළේය. මෙම ජනතා කැරැල්ල ඇමරිකාව හා බටහිර රටවල් හඳුන්වන්නේ “ජස්මින් විප්ලවය” යනුවෙනි.

එම කැරැල්ල නිසා රට මුළුමනින්ම අස්ථාවර වූ අතර දේශපාලන අර්බුද රැසක් නිර්මානය විය. මෙහිදී එම රටේ බහුවිද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරලීමෙහිලා විශේෂ වැඩ කොටසක් කළ ටියුනීසියා ජාතික සංහිදියා සංවිධානය කල සේවය සැළකිල්ලට ගෙන මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට තීරණය කල බව නොබෙල් සාම කමිටුව ප‍්‍රකාශ කර සිටී.

දඹුල්ලේ එ.ජා.ප. මැරයෝ යහ පාලනය අරඹයි

Untitled-1මේ මස 21 වනදා රාත්‍රී 8.30ට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි සීමාසහිත රන්ගිරි දඹුලු වෙළඳදැසලට ආයුධ සන්නද්ධව පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පලාත් සභා මන්ත්‍රී එච්. එම්. තිස්ස බණ්ඩාර ඇතුලු පිරිසක් එම වෙළෙඳසැලේ තිබූ බඩු භාණ්ඩවලට අලාභහානි කොට වෙළෙඳසැලේ රාජකාරියේ යෙදී සිටි එම ගොවි සමාගමේ සභාපති ආර්. බී. හේරත් (68) මහතාට පිස්තෝලයකින් හා අතින් පයින් පහර දී ගිනිඅවිය පපුවට තබා මරණීය තර්ජනය කොට වෙළෙඳසැලෙන් පලවා හැර වෙළෙඳසැලට ඉබි යතුරු දමා ඔවුන් පලාගොස් ඇතැයි දඹුල්ල පොලීසියෙන් ලැබෙන ආරංචිමාර්ග පවසයි.

මාතලේ දිස්ත්‍රික්යේ ස්වෙච්චා සංවිධාන රාශියක වගකීම් රැසක් උසුලන ජනතා නායකයෙකු වන එම සභාපතිවරයා අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවද දැනගන්නට ඇත. ඔහු දැන් දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඉහත ගොවි සමාගමට අයත් මෙම ආර්ථික වෙළෙද මධ්‍යස්ථානයේ මෙම වෙළෙද කුටිය එම සමාගමට රජයෙන් ලබාදී ඇති බවත්, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අනුව තමා එහි ව්‍යාපාරික කටයතු කරන බවත් පවසන සභාපතිවරයා මෙම වෙළෙඳසැල වෙනත් අයෙකුට ලබා දෙනවානම් එය නිසියාකාරව නීත්‍යානුකූල ක්‍රමවේදයකට ලබා දිය යුතු බව ද පවසයි. නමුත් මෙම පලාත් සභා මන්ත්‍රීවරයා මෙම වෙළෙසැල තමාට පවරා ගැනීම සදහා ඔහු දඹුල්ල මහ නගර සභාවේ විපක්ෂ නායකාව සිටි කාලයේ පටන් උත්සාහ දරණ බවත්, දැන් ඔහු දේශපාලන බලය යොදවා එය ලබාගැනීමට උත්සාහ දරන බවත්, එය නීති විරෝධී ක්‍රියාවක් බවත් පවසයි.

මේ පිළිබදව කිසිවෙකු තවමත් අත්අඩංගුවට ගෙන නැති අතර, යහපාලනයේ ද මැරයෝ සහ චණ්ඩි රජකම් කරන බව පෙන්වා දිය යුතුව ඇත.

රුසියානු ප්‍රහාර හමුවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තයෝ සිරියාවෙන් පලා යති

AppleMarkරුසියාව විසින් ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව සිරියාව තුළ කරගෙන යන ගුවන් ප්‍රහාර හමුවේ එම ත්‍රස්තයින් දැඩි අවි හිඟයකට මුහුණ දී මහා පරිමාණ වශයෙන් ඔවුන්ගේ කඳවුරු අත්හැර යන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉගෝර් කොනෂෙන්කොව් පවසයි.

පසුගිය සතියේ රුසියාව විසින් ගුවන් ගත කරන ලද ඔත්තු බලන ගුවන්යානා මගින් ලැබුණු ආරංචිවලට අනුව, සිය ගණනින් යුත් ත්‍රස්තවාදීන්ගේ කණ්ඩායම් කිහිපයක් සටන් පෙරමුණ අත්හැර දමා මාර්ජ් අල් සුල්තාන් ගම්මානය බලා ගමන් කරමින් සිටින බවත්, අලෙක්පෝ, දමස්කස්, හාමා ඉඩිලිප් හා ලටාකියා ප්‍රාන්තවල සිදුවූ ගුවන් මෙහෙයුම්වලින් ත්‍රස්තාදීන්ගේ අවි ගබඩා තුනක්, භුගත බංකර් දෙකක් කදුකර ප්‍රෙදේශවල පිහිටි ප්‍රහාරක ස්ථාන 32ක් සටන් බිමේ තිබූ russians-isisසන්නද්ධ පිහිටුම් 9ක් හා අයිඑස්අයිඑස් වෙනුවෙන් රොකට් හා මිසයිල නිෂ්පාදනය කරන කම්හලක් විනාශ කිරීටම රුසියානු ගුවන් බලය සමත්වී ඇති බව ද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා පොලීසියට කල දසාව නරකයි

P1000865ශ‍්‍රී ලංකාවේ පොලිසිය විසින් පසුගියදා සිදුකළ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය පිළිබඳ පරීක්‍ෂණය හා කොටකෙතන ඝාතන සිදුවීමත් ඇතුලූ ඝාතනසිදුවීම් රැසක් පිළිබඳව කරන ලද පරීක්‍ෂණ අසාර්ථකවීම් හා නිෂ්චිතව එම සිදුවීම්වල සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම ගැන විශාල විවේචනයක් ශ‍්‍රී ලංකා පොලීසියට ජනතාවගෙන් එල්ලවෙමින් පවතී. පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේ අවිධිමත් පරීක්‍ෂණ විධික‍්‍රම හා සේයා සදෙව්මි ඝාතනයට කිසිදු සම්බන්ධතාවයක් නැති පළමුව අත්අඩංගුවට ගත් පාසැල් සිසුවා හා එක්දරු පියා හට කොටදෙනියාව පොලිසිය කළ පහර දීම ඇතුළු ඔවුන් පිළිබඳව ජන සමාජය තුළ පොලිසිය ඇතිකළ මතවාදය අද ජනතාව අතර දැඩි පිළිකුලකට ලක්ව ඇත. ඒ පිළිබඳව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ද පොලීසිය දැඩි විවේචනයට ලක් කර තිබේ.

විශේෂයෙන් පාසැල් සිසුවෙකු අත්අඩංගුවට ගැනීමේදී සිදුකළ යුතු ආචාරධර්ම රැසක් තිබිය දී, ඒ කිසිවක් ඉටු නොකර කොටදෙනියාව පොලීසිය එම පාසැල් සිසුවා සමග වෛරයෙන් කටයුතු කල බවක් දක්නට ඇත. අවංක දක්‍ෂ නිලධාරියෙක් ලෙස නමක් දිනා සිටි වර්තමාන පොලිස්පති ඉලංගකෝන් මහතා වර්තමානයේ බරපතල ලෙස විවේචනයට ලක් වෙමින් තිබෙන බව ද ප‍්‍රකාශ කළ යුතුව ඇත.

 

වර්තාමන රජය ක‍්‍රියාවට නැංවීමට උත්සාහ දරණ යුක්තිය සාරණත්වය හා සංහිදියාව ගොඩනැගීම සඳහා ප‍්‍රධාන ආයතනය වන පොලීසිය, වහාම ප‍්‍රතිසංස්කරණයට භාජනයට ලක්කළ යුතු බව ප‍්‍රකාශ කළ යුතුව ඇත.

බි‍්‍රතාන්‍ය පොලීසිය විසින් නිර්මාණය කර ඇති අපේ පොලිසිය වහාම බි‍්‍රතාන්‍ය පොලීසිය ආදර්ශයට ගෙන කටයුතු කරන්නේ නම් අගයන අතර ලෝකයේ දියුණු අපරාධ විමර්ශන කටයුතු පිළිබඳ අත්දැකීම් හා එම විධික‍්‍රම හදාරන ලෙස ඔවුන්ට උපෙදස් දිය යුතුව ඇත.

තම සැමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ගැන ඝෝඨාට ගැලවෙන්න දෙන්නෑ – සන්ධ්‍යා

prageeth-sandhyaතම සැමියා වූ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කිසිසේත්ම ගැලවීමට ඉඩ නොදෙන බවත් ඔහු ශ‍්‍රී ලංකාව අත්හැර සීෂේල්ස් රාජ්‍ය හැර වෙන කුමන රටකට ගියත් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තමන් සකස්කරන බවත් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ භාර්යාව වන සන්ධ්‍යා එක්නැලිගොඩ සිය හිතවතෙකු සමග පවසා ඇතැයි ‘වාලම්පූරිනෙට්’වලට වාර්තා වෙයි.

තමන් මේ පිළිබඳව පසුගියදා තමා හමුවට පැමිණි ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් බිස්වාල් මහත්මිය සමග ද සාකච්ඡා කළ බව පවසා ඇති ඒ මහත්මිය, මෙය පිළිබඳව තමාට කළ හැකි ජාත්‍යන්තර මැදිහත්වීම් සියල්ලම කරන බවත්, ඔහු කුමන බලවත් පුද්ගලයෙකු වුවත් තම සැමියාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් තමා ගෙන යන සටන අත් නොහරින බවත්, තම සැමියාට එරෙහිව මඩ ගැසීම්, ඔහු එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදියෙකු වැනි ප‍්‍රචාර ගෙන යමින් මෙම පරීක්‍ෂණ වෙනත් අතකට හැරවීමට විවිධ කුමන්ත‍්‍රණ ඔහුගේ ඝාතකයින් විසින් දියත් කළත්, ඒ සියලූ කුමන්ත‍්‍රණ පරාජය කිරීම සඳහා කටයුතු කරන බව ද ඇය පැවසු බව දැනගන්නට ඇත.

මාළඹේ වෛද්‍ය උපාධිය නීතාණුකූලයි – එය ප්‍රතික්ෂේප කිරීමට වෛද්‍ය සභාවට අයිතියක් නෑ – මහාචාර්ය ආනන්ද සමරසේකර

medical-degreeමාළඹේ වෛද්‍ය සිසුන්ගේ වෛද්‍ය උපාධි ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු අයිතියක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නොමැති බව ආසියානු තාක්ෂණික හා වෛද්‍ය ආයතනයේ උප කුලපති ආනන්ද සමරසේකර මහතා පෙන්වා දී ඇත.

මෙම වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලියාපදිංචි කළ නොහැකි බවත්, ලියාපදංචි කිරීමට නම් විද්‍යාලයේ අඩුපාඩු රාශියක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පෙන්වා දී තිබූ අතර ඔවුන් පෙන්වා දුන් එම සියලු අඩුපාඩු 2013 වසරේදී සපුරා අවසන් කළ බව ද ඒ මහතා පවසයි.

එම අඩුපාඩු සපුරා ඇති බව අධ්‍යාපන අමාතාංශයේ ලේකම් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිඛිතව දැනුම් දී තිබියදීත් වෛද්‍ය සභාව උපාධිය පිරිනැමීම ප්‍රතික්ෂේප කිරීම සිසුන්ට කරන බලවත් අසාධාරණයක් බව ද පවසන උප කුලපතිවරයා, මේ වන විට සිසුන් 850ක් පමණ මෙහි අධ්‍යාපනය ලබන අතර, පළමු කණ්ඩායමේ අවසාන විභාගය ලබන ජනවාරියේ පැවැත්වීමට කටයුතු යෙදා ඇතැයි ද පවසයි.

සම්මත වූ ජිනීවා යෝජනා අපට එතරම් හොඳ නෑ – ටිල්වින් සිල්වා

tilvin_silva_jvpපසුගියදා සම්මත වූ ජනීවා යෝජනා තුළ රටට අහිතකර යෝජනා රැසක් තිබෙන බවත්, එසේ තිබියදී වර්තමාන ආණ්ඩුව දැන් කියන්නේ සම්මත වෙන්න තිබුණ භයානක දේට වඩා සම්මත වී තිබෙන දේ හොඳ බව යැයි ද, බැලූ බැල්මට සම්මත වූ යෝජනාවේ සමහර වගන්ති හොඳ වගේ පෙනෙන නමුත් ඇතැම් යෝජනාවලින් ශ‍්‍රී ලංකාවට බලපෑම් කිරීමට අවශ්‍ය ඉඩකඩ ඔවුන් විවර කරගෙන ඇති බව ද ඒවා ශ‍්‍රී ලංකාවට විශාල හානි ගෙන දිය හැකි යැයි ජ.වි.පෙ. ලේකම් ටිල්වින් සිල්වා ප‍්‍රකාශ කරයි. එමනිසා ජිනීවා වාර්තාව සම්පූර්ණයේනම පිළිගත නොහැකි වාර්තාවක් බව තම පක්‍ෂය ප‍්‍රකාශ කරන බව පවසා ඇති ටිල්වින් සිල්වා මහතා, ශ‍්‍රී ලංකාව් මානව හිමිකම් පිළිබඳ වගවීම සම්බන්ධව ආණ්ඩුවට ජාතික ක‍්‍රියාවලියක් තිබුණේ නැති බව ඔවුන් පවසනවා යැයි ද එසේම, ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම් වාර්තාවේ විමර්ශන නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව උනන්දු කරවන බවටත්, එම යෝජනාවේ සඳහන්ව ඇති බව පෙන්වා දෙයි. තවද, ශ‍්‍රී ලංකාව තුළ විශ්වාසනීය අධිකරණ ක‍්‍රියාවලියක් සිදුවන බවට සෑහීමට පත්වීමට නොහැකි නම්, පොදුරාජ්‍ය මණ්ඩලීය හා අනෙකුත් රටවල විනිසුරුවන් සම්බන්ධ කරගත යුතුයි කියලා එම යෝජනාවේ කියා සිටිනවා ඒ අනුව ආණ්ඩුව හයිබි‍්‍රඞ් අධිකරණයක් ගොඩනගන්නේ නැහැ කියලා කිව්වත් එම යෝජනාවල විදේශ සහාය ලබා ගැනීම පිළිබඳ කියැවෙන බවත් පෙන්වා දෙන ටිල්වින් සිල්වා මහතා, දේශීය පරීක්‍ෂණ සඳහා අවශ්‍ය නීතිරීති රටේ තිබෙන බව ද ඒවායේ අඩුපාඩුකම් තිබෙනවානම් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමට පුළුවන්කම තිබෙන බව ද, මේ නිසා දේශීය පරීක්‍ෂණයක් සිදු කිරීමේ හැකියාව අපට තිබෙන බවද ප‍්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මට්ටමින් උපදෙස් ලබාගන්න ගියාම ඔවුන් නීති කටයුතුවලටත් මැදිහත් වන බවත් එය අප රටට අනතුරුදායක බව ද ප‍්‍රකාශ කරයි.