මෛත‍්‍රී, රනිල් ඇමති මණ්ඩලයට බලි අරී

මරියකඩේ සිටින මිනිසුන් මෙන් වාද විවාද කරගනිමින් කිසිදු වගකීමක් නැති මිනිසුන් මෙන් හැසිරෙන්නේ නැතිව කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම ආරක්‍ෂා කර ගනිමින් රජය ඉදිරියට ගෙනයාමට සහාය දිය යුතු යැයි ජනාධිපති හා අගමැති කැබිනට් මන්ඩලයට තදින් අවවාද කර ඇත.

මෙම ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඇමතිවරුන්ට හා රාජ්‍ය ඇමතිවරුන්ට අසීමිත නිදහසක් දී ඇති බවත් එම නිදහස වල්බූරු නිදහසක් ලෙස පාවිච්චි නොකරන ලෙසත්, දැන්වත් එය පාලනය කරගන්නා ලෙස ද මෙහිදී අවවාද කර ඇත. පසුගිය සතියේ අගමැතිවරයා සිය කැබිනට් ඇමතිවරෙයකුට කියා ඇත්තේ ඇවන්ට්ගාඩ් පිළිබඳ විවාදවලට නොයන ලෙසයි.

තවද ඉහත අවවාද කිරීමේදී අගමැති සහ ජනාධිපති පෙන්වා දී ඇත්තේ” පසුගිය වසර 20 පුරාම මේ රටේ ඇමතිවරු කටයුතු කළ ආකාරයත් තමන් දැක තිබෙන බවද වර්තමානයේ ලැබී තිබෙන නිදහස අනුව ඇමතිවරු හැසිරෙන අයුරු” ප‍්‍රකාශ නිකුත් කරන අයුරු” දෙස බැලීමේදි තමන් හරිම කණගාටුවට පත්වන බව ද, එමනිසා බොහොම සංයමයෙන් මේ නිදහස රැකගන්නා ලෙස කැබිනට් මණ්ඩයට දන්වා ඇත. කැබිනට් ඇමතිවරු වන රාජිත සේනාරත්න, විජේදාස රාජපක්‍ෂ, රවි කරුණානායක, කබීර් හසීම්, හරීන් ප‍්‍රනාන්දු, නිමල් සිරිපාල යන ඇමතිවරුන් මෙන්ම තවත් ඇමතිවරු කිහිප දෙනෙකුගේම හැසිරීම පිළිබඳ අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට ප‍්‍රශ්න මතුවී ඇත.

නීතිපති ඇතුලූ නීති ක්‍ෂෙත‍්‍රයේ නිලධාරීන් රැසකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට යයි

නිතිපති යුවන්ජන විජයතිලක සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් හිටපු අල්ලස් කොමසාරිස් බාලපටබැඳි හා නීතිවිදුහලේ විදුහල්පතිට එරෙහිව අලූතෙන් පත්කරන ලද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට සමාජ සහ සිවිල් සංවිධාන රැසක් ක‍්‍රියාකරමින් සිටී.

වත්මන් නීතිපතිවරයා ප‍්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක්ම පසුගිය රජය සමයේදී සුදුසුකම් සපුරා නොතිබියදීත් ඉහත තනතුරුවලට දේශපාලන ආශිර්වාදයෙන් පත්වීම් ලබා ඇති බවටත් ඔවුන් කාලයක පටන් මේ රටේ නීතිය, අවනීතිය බවට පත්කර ගනිමින් අක‍්‍රමිකතාවල නිරතවෙමින් අල්ලස් ලබා ගැනීම්වලට සම්බන්ධවෙමින් කටයුතු කළ බවට තොරතුරු රැසක් දූෂණ විරෝධී සමාජ බලවේග විසින් නව අල්ලස් කොමිසමට ඉදිරිපත් කිරීමට දැනටමත් කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.

කොමිසමේ හිටපු සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකර විනිසුරු ජගත් බාලපටබැඳි මහතා සම්බන්ධයෙන් පසුගිය අලලස් කොමිසමට ඔහු සිටියදී පැමිණීලි කොට තිබුණත් එම පැමිණිලි විභගාග නොකොට යට ගසන ලදී. එසේම, ඔහු විසින් පසුගිය රජයේ ඇමතිවරුන් වූ රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පපෙරුම, විමල් වීරවංශ, සරන ගුණවර්ධන, සුසිල් පේ‍්‍රමජයන්ත හා අනුර ප‍්‍රියදර්ශන යාපා යන දේශපාලඥයින්ව අල්ලස් චෝදනාවලින් නිදහස් කිරීම බරපතල සැකයකට තුඩු දී ඇති අඅර, ඒ පිළිබඳ අලුතින් පරීක්‍ෂණ ආරම්භකරන ලෙසට ඉල්ලමින් දැනටමත් අල්ලස් කොමිසමට පැමිණීලි ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. එසේම, නීති විදුහලේ විදුහල්පති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතාට හා හිටපු විදුහල්පති ඞී. රොද්‍රිගු යන අයට එරෙහිව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට සමාජ සිවිල් බලවේග කටයුතු කරගෙන යයි.

උතුරේ වැන්දඹුවන්ට ආධාර දෙන්නැයි විග්නේෂ්වරන් ඇමරිකාවෙන් ඉල්ලයි! මධ්‍යම රජය හරහා මිස පළාත් සභාවට කෙලින්ම ආධාර දෙන්නේ නෑ – ඇමරිකාව කියයි!

උතුරු-නැගෙනහිර වැන්දඹු කාන්තාවන් 33,000ක් පමණ සිටින බවත්, ඔවුන් සඳහා උතුරු පළාත් සභාවට අධාර ලබා දන ලෙස උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලෝක කාන්තා කටයුතු පිළිබඳ තානාපතිවරිය වූ කැතරින් රසෙල්ගෙන් ඉල්ලා ඇත.

මෙහිදී කැතරින් රසෙල් උතුරු පළාත් මහ ඇමතිගෙන් ඉල්ලා අත්තේ, ආධාර ඉලන්න කලින් උතුරු පළාත් සභාවට මේ වැන්දඹුවන් සඳහා යමක් කළ නොහැකි ද කියාය. එහිදී මහ ඇමතිවරයා එයට පිළිතුරු දෙමින් පැවසුවේ මධ්‍යම රජයෙන් ඒ සඳහා පළාත් සභාවට මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදී නැති බවයි. මෙහිදී තානාපතිවරිය ඔහුට පවසා ඇත්තේ යුද්ධයේදී වැන්දඹු භාවයට පත් කාන්තාවන්ට උදව් උපකාර කළ හැකි නමුත් ඊට පෙර ශ‍්‍රී ලංකා රජය සමග එක`ගතාවයකට පැමිණ වැන්දඹු කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් වෙන වෙනම ගොනු කොට එම අවශ්‍යතාවයන්ට අනුව උදව් උපකාර කළ හැකි බවයි. මෙහිදී තානාපතිවරිය තවදුරටත් පෙන්වා දී අත්තේ උතුරු පළාත් සභාවට මේ සඳහා ඍජු ලෙස ආධාර කළනොහැකි බවත්, ශ‍්‍රී ලංකාවේ මධ්‍යම රජය හරහා උදව් කළ හැකි බවත්ය. ඒ සඳහා ඉක්මණින් තමන් මධ්‍යම රජය සමග සාක්ච්ඡd කොට කටයුතු කරන බව ද පවසා ඇත.

මෙහිදී තවදුටත් කරරුණු දැක්වූ තානාපතිවරිය, සිංහල හා දෙමළ වැසියන් අතර සංහිඳියාව ගොඩනැගිය හැකි අන්දම ද කාන්තා හිංසනයන් පිටුදැකීමට ගත හැකි ක‍්‍රියාමාර්ගයන් පිලිබඳව ද දීර්ඝ ලෙස කරුණු පෙන්වා දී ඇත.

පොහොර සහනාධාරය නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ – සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

වයඹ පලාත් සභා මන්ත‍්‍රී හා සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප‍්‍රකාශ කරන පරිදි, වී ගොවියාගේ පොහොර සහනාධාරය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් රිදී බන්දේසියක තබා ලබා නොදුන් බවත්, එය ලබාගත්තේ ගොවීන් සටන් කර බවත්, කොළඹ දුම්රිය පොල ඉදිරිපිට ගොවියන් කළ අඛන්ඩ උපවාසය හේතු කොට ගෙන මෙම සහනාධාරය ලබා දීමට එක`ග වුනු බවද ප‍්‍රකාශ කරන ඔහු, එය නවතා දැමීමට මේ රජය උත්සාහ කළොත් එයට ඉඩ නොදෙන බවද ප‍්‍රකාශ කරයි.

රුපියල් 300/=කට පොහොර මිටිය ලබාදීමට කටයුතු කරනවා ද? ප්‍රමිතියෙන් යුක්ත පොහොර ලබා දෙනවා ද? මේවා සම්බන්ධයෙන් ආණ්ඩුව ගොවියාට පැහැදිලි කිරීමක් කළ යුතු බව ද පෙන්වා දෙන ඔහු, මෙම පරිසරය තුළ ගොවියා සූරාකෑමට ලක්වන බව ද, රසායනික පොහොර භාවිතයෙන් රටේ පස හා ජලය ¥ෂණය වී ඇති බව තමන් පිළිගන්නා බවත්, ඒ වෙනුවට නව විකල්පයක් ගොවියාට හඳුන්වා දිය යුතු බව ද, එසේ ස්ථීර විකල්පයක් හඳුන්වා නොදී පොහොර සහනාධාරය කපා දැමීමට තමා විරුද්ධ බව ද ප‍්‍රකාශ කර සිටී.

රටේ සම්පූර්ණයෙන්ම ආර්ථිකය බිඳ වැටිලා – ඩියු ගුණසේකර

මේ ආණ්ඩුවට වසරක් පිරෙන අවස්ථාව වන විට කිසි කෙනෙකු නොසිතපු ආකාරයෙන් මේ රටේ ආර්ථික බිඳ වැටී ඇතැයි ද, මේ අනුව මූල්‍ය අර්බුදය, විනිමය අර්බුදය, ණය අර්බුදය යන අර්බුද නිර්මාණය වී තිබෙන බව ද, මේවායේ ප‍්‍රථිඵලයක් ලෙස ආර්ථික පදනම බිඳවැටී ඇතැයි ද, ඉතිහාසයේ පළමු වතාවට දළ දේශීය නිෂ්පාදනය 10% වීම නිසා රජයේ ආදායම අඩුවී වියදම වැඩිවී ඇතැයි ද මෙයට බලපෑවේ පසුගිය රජයේ ක‍්‍රියාකලාපය හෝ ජාත්‍යන්තර සාධක නොවන බව ද ඔහු කියා සිටියි.

2016 අයවැය යෝජනා අධ්‍යාපනයට හොඳයි ගොවිතැනට කනකොකා හඩයි

ඊයේ (20) මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ අයවැය තුළින්, අධ්‍යාපනය සදහා වෙනදාට වඩා 30%ක වැඩි මුදල වෙන් කිරීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයට හොඳ කලදසාවක් උදාවිය හැකි බව ආර්ථික විශේෂඥයෝ පවසති.

එසේම, මෙතෙක් ගොවියාට දී තිබූ පොහොර සහනාධාරය හෙක්ටරායකට රුපියල් 25,000/=ක උපරිමයකට යටත් කිරීම නිසා පොහොර සහනාධාරය ඒ අනුව කපා හැරීමක් වන බැවින් වී ගොවිතැන සහ එළුවළු ඇතුලු වගා සදහා කණ කොකා හැඬීමක් සිදුවිය හැකි බව පෙන්වා දිය හැක.

විශේෂයෙන් පසුගිය රජය ලබාදුන් පොහොර සහානාධාරය නිසා මේ රටේ වී ඇස්වැන්න විශාල වශයෙන් ඉහල ගිය අතර වී නිෂ්පාදනයේ අතරික්තයක් ද ඇතිවිය. පොහොර සහනාධාරය නොමැතිවීමෙන් ශ්‍රී ලංකාව තුළ වී වගාව ඉතා පහත් මට්ටමකට පත්විය හැකි බව එම ආර්ථික විශේෂඥයින්ගේ හැඟීමයි. එසේම, ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියන් 1.5 සදහා 15%ක බැංකු පොලියක් දීමට කටයුතු කිරීමද ඉතා වැදගත් ක්‍රියාමාර්ගයක් බව සඳහන් කළ යුතුය.

රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට වැටුප් වැඩිවීමක් හෝ යම් සහනයක් නොලැබී යාම නිසා රාජ්‍ය සේවකයින් හා විශ්‍රාමිකයෝ දැඩි කලකිරීමට පත්ව සිටී. අවම වශයෙන් පසුගිය අයවැයෙන් වැඩි කළ රු. 10,000/=, මුලික වැටුපට එකතු කරාවි යැයි බලාපොරොත්තු වූ රාජ්‍ය සේවකයින් එයින් කොටසක්වත් එකතු නොකිරීම ගැන දැඩි කනස්සල්ලකට පත්ව සිටී. මේ ආණ්ඩුව බලයට පත්කිරීමට විශාල වැඩකොටසක් කළ රාජ්‍ය සේවකයින් හා විශ්‍රාමිකයන් වෙනුවෙන් කිසිදු සැලකිල්ලක් නොදැක්වීමත්, 2016 සිට පත්වීම් ලබන රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප අහිමිකිරීමක් ගැන රාජ්‍ය සේවකයින් අතර විශාල කැළඹිල්ලක් හට ගෙන ඇත.

යහපාලනයෙන් කරන්නේ සිංහල අන්තවාදීන් නැවත මතු කිරීමයි – සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා මුලු ලෝකයට යහපාලනය යැයි කියන වත්මන් රජය, නයිනතිව් දූපතේ නම නාගදීපය යැයි මාරු කිරීමට කටයුතු කිරීමට යන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලේමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසා ඇත.

පසුගිය කාලයේ තිබූ රජය මෙන් අද යහපාලනය සඳහා කතාකරන වත්මන් රජයත් සිංහල අන්තවාදය අවුස්සන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කොට ඇත. නාගදීපය සම්බන්ධයෙන් කලබලකාරී තත්ත්වයක් උදාකළ මෙම රජය එම ප්‍රශ්නය විසඳිය යුතු බව ද එසේ නොකලහොත් උතුරේ ජනතාව අරගල කිරීමේ වාතාවරණයකට පිවිසෙනු ඇතැයි ද තවදුරටත් පවසා සිටී.

ඇමරිකාවේ ආරක්ෂාව තර කරයි

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය නිසා ඇමරිකාව තුළ ආරක්ෂාව තර කොට ඇත.

ප්‍රංශයේ පැරිස් නුවර සිදුකළ ආකාරයට ඇමරිකාව තුළ ද ප්‍රහාරයක් එල්ල කිරීමට අයි.එස්. හෙවත් ඉස්ලමික් ත්‍රස්තයින්ට හැකියාවක් නැතැයි ඇමරිකානු එෆ්.බී.අයි. ඔත්තු සේවයේ ප්‍රධානියා වන ජේම්ස් කොම් මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත. ඇමරිකාවේ ප්‍රධාන නගර පුරා ආරක්ෂාවට විශේෂ පොලිස් බල ඇණි හා හමුදාව සීරුවෙන් තබා ඇතැයිද ඔහු පවසා සිටියේ ඇමරිකාවේ අනෙකුත් ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුවය.

us police

සිරියාවේ හා ඉරාකයේ ම්ලේච්ඡ ප්‍රහාර දියත් කරන අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් ඇමරිකාවේ වොෂින්ටන් නගරයට පහර දෙන බවට අනතුරු ඇඟවූයේ පැරීසියට ප්‍රහාරය එල්ල කොට දින කිහිපයකට පසුවය. ඉන්පසු ඇමරිකාව, ප්‍රංශය හා රුසියාව එකට එක්වී බරපතල ලෙස අයිඑස් ත්‍රස්තයින්ට ගුවන් ප්‍රහාර එල්ල කරයි. මේ නිසාම හැකි ඉක්මණින් වොෂින්ටනයට පහර දෙන බවට ඔවුන් අනතුරු ඇඟවීය. ඔවුන් පැරීසියට පහර එල්ල කළේද ප්‍රංශය ඔවුන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දැක්වීමටයි. ඇමරිකාවට පහර දෙන බවට අනතුරු ඇගවූයේ ඇල්ජීරියානු අයිඑස් ත්‍රස්තවාදීන් යැයි ඇමරිකානු ආරක්ෂක අංශ හදුනාගෙන ඇත. එෆ්.බී.අයි. ප්‍රධානියා පවසන්නේ එම ත්‍රස්තයින්ගේ අනතුරු ඇඟවීම් තම ආරක්ෂක අංශ එතරම් තැකීමක් නොකරන බවයි.

රජයේ පරිවාස භාරයේ සිටින ගැහැණු දරුවන් ගණිකා මඩම්වලට තල්ලුවන ලකුණු

රජයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින ගැහැණු දරුවන් ගණිකා වෘත්තියට යොමු කිරීම සම්බන්ධනේ දැන් තොරතුරු හෙළි වී ඇත. මෙම ක්‍රියාව පිටුපස යම් සංවිධානාත්මක කණ්ඩායමක් ක්‍රියාත්මක වන බව වාර්තාවේ. ගම්පොල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වැටලීමකදී එහි වයස අවුරුදු 20ට අඩු ගැහැණු දරුවන් ගණිකා වෘත්තියේ යෙදී සිටීමෙන් මේ බව හෙළි වී ඇත.

රටේ පවත්වාගෙන යන ළමා සුරැකුම් මධස්ථාවවලට යන පිරිස් එහි සිටින ගැහැණු ළමුන් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු ඔවුන්ගේ භාරකරුවන් ලෙස පෙනී සිටිමින් මෙම ළමුන් ගණිකා වෘත්තියට ගෙනවිත් යොමුකරන බව ද අනාවරණය වී ඇත.

ඉහත සදහන් ගණිකා මඩමේදී අත්අඩංගුවට පත් 18 හැවිරිදි ගැහැණු ළමයෙක්, තමා ළමා සුරැකුම් මධ්‍යස්ථානයක නේවාසිකව සිටි අවස්ථාවේදී මෙම ගණිකා මඩමට ගෙනවිත් දැමූ බව පවසා ඇත.

සුමන්දිරන්ට එරෙහිව යාපනයේ පෝස්ටර් අලවයි!

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන්ට විරුද්ධව පෝස්ටර් ඔහුගේ උපන් ගම වන යාපනය, කරවෙට්ටි ප්‍රදේශයේ අලවා තිබේ.

එම පෝස්ටර්වල;

අපගේ මග පෙන්වන්නා උතුරේ ප්‍රධාන අමාත්‍යවරයායි!

උගතුන්ගේ බිමෙන් උඹ වහාම පිටවෙයන්!

යනාදී වශයෙන් සඳහන් වේ.