“සීපා” වෙනුවට “එක්ටා” එනවා – අත්සත් කිරීම පෙබරවාරි

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට තිබූ (සීපා) වෙළෙඳ ගිවිසුම වෙනුවෙට වඩාත් පුළුල් සහයෝගීතා ක්ෂේත‍්‍රයන් ආවරණය වන පරිදි ඉන්දු-ශ‍්‍රී ලංකා ආර්ථික හා තාක්‍ෂණ සහයෝගීතා (එක්ටා) නමින් ගිවිසුමක් ලබන පෙබරවාරියේදී අත්සත් කිරීමට ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව එක`ග වී ඇති බව වාර්තා වේ.

මෙහි මූලික සාකච්ඡාව දෙසැම්බර් 21 වැනිදා ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර නවදිල්ලියේදී සිදුවී ඇත. 4 වැනි වාණිජ ලේකම් මට්ටමේ සාකච්ඡාව එහිදී සිදුවී ඇති අතර මෙම ගිවිසුමේ සහයෝගීතා රාමුව පිළිබඳව ද සාකච්ඡා වී තිබේ. ශ‍්‍රී ලංකාව විසින් වෘත්තීමය ශ‍්‍රම නිදහස් කරණය, නැව් තැනීමේ හා තොරතුරු තාක්‍ෂණය යන වෘත්තීන් දෙකට පමණක් සීමා කිරීමට අපේක්‍ෂා කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි. තවද, ශ‍්‍රී ලාංකික අපනයන කරුවනට දැනට වඩා හොඳින් ඉන්දීය වෙළෙඳ පොල වෙත අවතීර්ණ වීමට අවස්ථාව ලබා ගැනීම මෙම සාකච්ඡාවේදී අවධාරණයට ලක්වී ඇත. දේශීය අපනයනරකරුවන් ඉන්දීය වෙළෙඳපොල තුළ මුහුණ දෙන ගැටළු ගනණාවක් ගැන මෙහිදී සාක්ච්ඡා වී ඇත. ඉන්දීය පාර්ශවය විසින් ඉන්දු-ශ‍්‍රී ලංකා තාක්‍ෂණ සහයෝගීතා අරබයා දෙරට අතර සිදුකරන සාකච්ඡාවලට සමගාමීව මේ ගැටළුවලට විසඳුම් ලබා දීමට කටයුතු කිරීමට එක`ග වී ඇත.

අලූතින් හදන ව්‍යවස්ථාවට දෙමළ පක්‍ෂ එක්වීමට යයි!

ශ‍්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු පළමුවරට අලූතින් හදන ව්‍යවස්ථාවකට දෙමළ පක්‍ෂ එක්වීමට යන හැඩ මතුවී තිබේ.

අලූතින් සකස්කිරීමට යන ව්‍යවස්ථාව තුළ ජනවාර්ගික ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දීමට යන බව රජය ප‍්‍රකාශ කර ඇත. එමනිසා උතුරු පළාත් මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් අලූතින් පිහිටුවන ලද දෙමළ ජාතික කමිටුව මගින් අදහස් ඉදිරිපත් කිරීම සඳහා අනු කමිටුවක් පත් කොට ඇත. එසේම, ජාතික භාෂා හා සංහිඳියාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් මහතා ද සිය පක්‍ෂය වෙනුවෙන් අදහස් ඉදිරිපත් කිරීමට යෝජනා සකසා ඇත. එසේම, ඊ.පී.ඩී.පී. සංවිධානය විසින් අග‍්‍රාමාත්‍යවරයා පත්කර ඇති කමිටුවට උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක එස්. තවරාජා මහතා නම් කොට ඇත.

දෙමළ පක්‍ෂ නායකයින් කිහිප දෙනෙකුම පවසා සිටියේ මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළ වර්ගවාදී අරගල වැළැක්වීම සඳහා දෙමළ ජනතාවට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය හැකි බවය.

 

ලසන්ත ඝාතනය ගැන ෆොන්සේකාගෙන් ප‍්‍රශ්න කරයි

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාගනය ගැන සරත් ෆෝන්සේකාගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු සමයේදී ලසන්ත ඝාතනය පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි යුදහමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන කන්දෙගෙදර පියවංශ නැමැති නිලධාරියෙකු පසුව නිදහස් කළ අතර, එම ඝාතනය පරීක්‍ෂණ නැවත ආරම්භ කිරීමෙන් පසුව පියවංශ මහතාගෙන් නැවත ප‍්‍රශ්න කිරීම් සඳහා අත්ඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරායගේ උපදෙස් ලැබෙන තුරු සිටින බව වාර්තා වේ.

ලසන්ත වික‍්‍රමතුංග මහහාතාගේ ඝාතනය පිළිබඳ හිටපු පොලිස් පති ජයන්ත වික‍්‍රමරත්න මහාතාගෙන් ද පසුගිය දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කළ අතර පොලිස් දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊටඅදාල හමුදා නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීම දැන් අරඹා ඇත. ඒ අනුව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් ප‍්‍රශ්න කිරීමට යයි.

2030 ලෝකය තිරසාර සංවර්ධනයකට යනවා – 2016 එය ආරම්භ වෙනවා

2030 වන විට ලෝකය තිරසාර සංවර්ධනයකට යන බවත්, එය ආරම්භ කිරීම 2016න් සිදුවන බවත්, එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා ප‍්‍රකාශ කොට ඇත.

ඉදිරි 15 වැනි වසරේදී ලෝකය තිරසාර සංවර්ධනය කරා ගෙනයාමේ මේ වැඩසටහන තිරසාර සංවර්ධනය ඉලක්ක 17 යනුවෙන් සඳහන් කොට ඇත. මෙම වැඩසටහන පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වූ ජගත් මහසමුළුවේදී ජාතීන් 193ක් විසින් ඒක ඡන්දයෙන් සම්මත කරන ලදී.

මහින්දගේ අලූත් පක්‍ෂයේ ඉලක්කය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බිම් මට්ටමේ සාමාජිකයෝයි

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය යටතේ බිහි කිරීමට යන නව දේශාපාලන පක්‍ෂයේ නව ඉල්ලකය වී ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගම් මට්ටමේ සාමාජිකයන් හා ශාඛා සංවිධාන බව වාර්තා වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිත බැවින් නව දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි කිරීම සඳහා සෑහෙන කළක් ගතවන බැවින් දැනට ලියාපදංචි කොට ඇති දේශපාලන පක්‍ෂයක නම වෙනස් කොට හෝ එම දේශපාලන පක්ෂ නමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ එම පක්‍ෂය පෙරට ගෙන ආ යුතු බවට මේ සඳහා පත්කොට ඇති සංවිධායක කමිටුව තීරණය කොට ඇත.

ඉදිරි පළාත්පාලන මැතිවරණය ඉල්ලක කර පිහිටුවීමට නියමිත මෙම දේශපාලන පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ මහතා භාරගත යුතු බව සංවිධාන කමටුව ඉල්ලා ඇත.

බස්නාහිර සෞඛ්‍ය ඇමතිකමට පළාත් සභා මන්ත‍්‍රීවරු 6ක් ඇණකොටා ගනිති

නිශාන්ත වර්ණසිංහ මහතාගෙන් හිස් වූ බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ධූරය සඳහා එම පාලත් සභාවේ මන්ත‍්‍රීවරු 6 දෙනෙක් අතර බරපතල යුද්ධයක් ඇතිවී තිබේ.

සුනිල් ජයමිනි, හෙක්ටර් බෙත්මගේ, මෙරිල් පෙරේරා, සුමිත්ලාල් මෙන්ඩිස්, යසපාල කෝරලගේ හා පලාත් සභාවේ සභාපති සුනිල් ජයරත්න යන මහත්වරු මෙසේ සටනට අවතීර්ණ වී ඇත.

1 වසරට ළමුන් ගන්න චක‍්‍ර ලේඛය නිකුත්වෙයි

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ විශේෂ චක‍්‍රලේඛයන් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇත.

ඒ අනුව, පළමු ශ්‍රේණියට මේ වසරේ ළමුන් 40 දෙනෙකු ඇතුලත් කරන අතර ඊළඟ වසරේ සිට වසර 2021 දක්වා එක් ළමයෙකු බැගින් අඩු කරනු ඇත. මෙහිදී පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ අවසාන ලේඛනය සහ පොරොත්තු ලේඛණය පාසැල්වල අඛන්ඩව ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්යය. එක් එක් ගණ සඳහා ළමුන් තොර්ගැනීමේදී ළකුණු ලබාදීමට අනුගමනය කළ ක‍්‍රමවේද විදුහලේ දැන්වීම් පුවරුවේ ප‍්‍රදර්ශනය කිරීම, මව්පියන් ආසන්න පාසැල්වල ලකුණු අඩු කිරීම පිළිබඳ විමසන බැවන් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඒ පිලිබඳව කරුණු සඳහන් කර ප‍්‍රදර්ශනය කළ යුතුය. ළමයින් තොර්ගැනීමේදී ලකුණු ලබාදුන් ආකාරය පිලිබඳ මව්පියන් විමසන අවස්ථාවලදී විදුහල්පතිවරුන් අවශ්‍ය පිළිතුරු ලබා දිය යුතුය.

දශක 6කට පසු දරුණුම එල්නිනෝ නියඟය ලබන අවුරුද්දේ

දශක හයහමාරකට පසු 2016 දී ලෝකයේ දරුණුම එල්නිනෝ නියඟය ඇතිවන බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

එල්නිනෝ දේශගුනික තත්ත්ය යනු ඉතාම දරුණු නියඟයක් හා ඉන්පසු ඇතිවන ගංවතුරක්ය. එමනිසා රටවල් රැසක කෝටි ගණනන් ජනතාවට බරපතල නියඟයෙන් හා අධික ගංවතුරෙන් පීඩාවිඳීමට සිදුවන බව ජගත් සහන සංවිධාන ප‍්‍රකාශ කරති. මුලින්ම අප‍්‍රිකා මහද්වීපයෙන් ඇරඹෙන මෙම ත්තත්වය පසුව කැරියබියන් රටවලටත් පසුව මධ්‍යම හා දකුණු ඇමර්කානු රටවල්ටත් ඇතිවනු ඇත. ආසියානු කලාපයේදී වර්ශෂාව සැලකිය යුතු ප‍්‍රතිශතයිකින් අඩුවනු ඇත. ඉන්දුනීසියාවේ දැඩි නියඟයක් හා ඉන්දියානු කලාපයේ මොසම් වර්ෂාව 20කින් අඩුවනු ඇත. කෙසේ වෙතත් ලොව තවත් රටවල් රැසකට මේ කාලයේ දරුණු ගංවතුර ත්තත්වයක් ද ඇතිවනු ඇත. මෙවැනි එල්නිනෝ තත්ත්වයක් මීට පෙර ඇතිවූයේ 1950 වසරේදීය.

සමෘද්ධිය, දිළිඳුකම පිටුදැකීමේ ලෝකයේ ඇති අසාර්ථකම ව්‍යාපෘතියයි

ලෝකයේ කි‍්‍රයාත්මක වූ දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපෘති අතර ශ‍්‍රී ලංකාවේ සමෘද්ධි ව්‍යාපාරය ලෝකයේ අසාර්ථකම වැඩපිළිවෙල බව ලෝක බැංකුව කරන ලද පරීක්‍ෂණයකදී හෙළිවී තිබේ.

අදාල පර්යේෂකයන් හෙලිකරන අකාරයට සමෘද්ධි වැඩසටහනෙන් ප‍්‍රතිපාදනවලින් 82%ක්ම වැය කොට ඇත්තේ සමෘද්ධි ලාභීනගේ ආහාර පර්භෝජනය සඳහාය. සමෘද්ධි ලාභීන්ගෙන් 8%ක ප‍්‍රමාණයක් ණය ආධාර ලබාගන ඇති අතර 8% ක ප‍්‍රමාණයක් වෘත්තීය පුහුණුව ලබාගෙන ඇත. 2% ප‍්‍රතිපාදන කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙන ඇති බව ද වාර්තා වේ.

සමෘද්ධි වැඩසටහනින් ආධාර ලැබූ සමෘද්ධි ලාභීන් 39,000ක් 2010 හා 2015 වසරවල දුගීභාවයෙන් මිදීම නිසා සමෘද්ධි ලාභී භාවයේන අයින් කර ඇති අතර, එසේ 39,000ක් අයින්කරන විට අලූතින් 40,215ක් එයට එක්වී ඇත. ඒ තුළින් පෙන්නුම් කරන්නේ මෙම වැඩසටහන තුළින් දුගී දුප්පත්භාවය අඩුවනවා වෙනුවෙන් එය වැඩිවෙමින් පවතින බවයි.

අලි පැටව් ජාවාරමට සම්බන්ධ හාමුදුරුවරු ආගම්වාදී ගැටුමක් මතු කරයිද

නීති විරෝධී ලෙස අලි පැටව් ලග තබා ගැනීමේ චෝදනාව මත ඉදිරි කාලයේදී උඩුවේ ධම්මාලෝක හිමි, කොලොන්නාවේ සුමංගල යන හිමිවරුන්ට විරුද්ධව නීතිමය පියවර රැසක් ගනු ඇත. දැනටමත් නඩුවක් විභාග වන අතර මෙම නඩුව විභාග කිරීමට නියමිත ප‍්‍රධාන විනිසුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදී ඇත. එම ස්ථාන මාරුව වෙනුවට පත්වීමට එන නඩුකාරවරිය කතෝලික කාන්තාවක් බැවින් මෙම විනිසුරුවරියගේ ආගම දඩමීමා කර ගෙන ආගම්වාදී ගැටුමක් නිර්මාණය කර මෙම නීතිමය ප‍්‍රශ්නය කඩාකප්පල් කිරීමට යම් කිසි ජාතිවාදි දේශපාලන කල්ලි කණ්ඩායම් සූදානම් වන බව දැන ගන්නට ලැබී තිබේ.