පොහොර ගැන ජනපති අගමැති අද විශේෂ සාකච්ඡාවක්

වී සහ අනෙකුත් භෝග සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී මතුවී ඇති තත්ත්වය ගැන ජනාධිපති සහ අගමැති අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවට ජනාධිපති අගමැති මුදල් අමාත්‍යවරයා හා ඊට සම්බන්ධ අනෙකුත් නිලධාරීන්ද සහභාගි වනු ඇත. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ඉල්ලීම මත මෙම සාකච්ඡාව කැඳවා ඇත. කෘත‍්‍රිම ලෙස පොහොර මිල ඉහළ නැංවීම, පොහොර සගවා තබා ගැනීම ඇතුලූ ප‍්‍රශ්න රාශියක් ගැන මෙහිදී සාකච්ඡා කරනු ඇත.

යෝෂිතගේ නාවික හමුදා සේවය අත්හිටුවයි

යෝෂිත රාජපක්‍ෂගේ නාවික හමුදාවේ කල සේවය අත්හිටුවීමට කටයුතු කොට ඇත. ඔහු නාවික හමුදාවේ ලූතිනන් තනතුරක සේවය කල අතර මුදල් විසුද්ධිකරණ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන සිටින බැවින් FCID ය කරන පරීක්‍ෂණ ස්වාධීනව කිරීම සඳහා ඔහුගේ නාවික හමුදාවේ සේවය අත්හිටවූ බව නාවික හමුදාව ප‍්‍රකාශ කරයි.

ජ.වි.පෙ තරුණ සමුලූවට රට පුරා කොල්ලෝ කෙල්ලෝ එති

සමාජවාදි තරුණ සංගමයේ තුනවන ජාතික මහා සමුලූවට අති විශාල තරුණ පිරිසක් සහභාගිවී ඇත. ඊයේ සුගතදාස ගෘහස්ත කි‍්‍රඩාංගනයේ පැවති මෙම සමුලූවට සමාජවාදය, ජීවිතය හා අනාගතය යන තේමාව යටතේ පැවැත්විනි. මෙයට සහභාගිවූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කලේ කවර හේතුවක් මතවත් මින් ඉදිරියට ජනවර්ග ගැටුමකට මේරට ගෙන යාමට ජනතා විමුක්ති පෙරමුණ ඉඩ නොතබන බවයි.

පාතාලය නැවතත් හිස ඔසවයි

පසු ගිය කාලය පුරා ශී‍්‍ර ලංකාව තුල පාතාලය නැවත හිස ඔසවමින් පවතී. විශේෂයෙන් දකුණු ප‍්‍රදේශයේ මෙම තත්ත්වය බරපතලවී ඇත. ජනවාරි පෙබරවාරි මාසය තුල පමණක් පාතාලයේ වෙඩි තැබීම් ගණනාවක් අගුණකොලපැලැස්ස, අම්බලන්ගොඩ, අකුරැස්ස, මිටියාගොඩ හා බලපිටිය යන ප‍්‍රදේශවල සිදුවී තිබේ. මෙම පාතාල කල්ලි අතර දරුණු වෙඩි තබා ගැනීම්ද රාශියක් සිදුවෙමින් පවතී. මේ නිසා මුලූ දකුණු පලාතම භීතියට පත්වී ඇත. පාතාල කල්ලි අතර කෙරෙන වෙඩි තබා ගැනීම්වලදී ඒවාට මැදිවී අහිංසක පුද්ගලයන් ගණනාවක්ද මරුමුවට පත්වී ඇත. මේ පිළිබඳව පොලිසිය හරියාකාරව කටයුතු කරන්නේද යන්න ගැන දැන් සැකයක් මතුවෙමින් පවතී. පොලිස් කොමිසම පත් කිරීමෙන් පසු පොලිසිය හරිහැටි රාජකාරි නොකරන බව මෙම සිද්ධිවලින් පැහැදිලි වන බව ප‍්‍රදේශයේ ජනතාව ප‍්‍රකාශ කරයි.

පොලිසීයේ තවත් කෙරුවාවක් තන්තීරයේ මලේ නිවසකට පැන බඩු මුට්ටු කුඩු කොට ගිණි තබා පවුලටම බිම දමා ගෙන පහර දීලා, පොලිස් පති නිදි

මහවිලච්චිය පොලිසියේ පිරිසක් තන්තී‍්‍රමලේ පොලිස් බල ප‍්‍රදේශයට අයත් වන්නිහැලඹවැව වැලිමල්ගම ගමම්ානයේ නිවසකට කඩා වැදී, නිවැසියන්ට පහරදී, දේපල හානි කොට මෝටර් බයිසිකලයක් ඇතුලූ කඩයට ගිණි තබා, මුලූ පවුලටම බිම දමා පහරදී බරපතල අලාභ හානි සිදු කොට ගොස් ඇත. පසු ගිය 25 වන බ‍්‍රහස්පතින්දා රාතී‍්‍ර 8.30ට පමණ පොලිස් නිලධාරීන් පිරිසක් ප‍්‍රදේශයේ චන්ඩින් රාශියක් සමග පැමිණ වෙළඳපොලට හානි කොට ගිණි තබා වයස අවුරුදු 65ක්වූ පියාට හා සුජීව මධුශංක නමැති සහෝදරයාටද බරපතල තුවාල සිදු කල බව වැල්ගම්මල පදිංචි පී.බී. රුවන් බණ්ඩාර යන අය පවසයි. පහරදීම හේතුවෙන් 65 හැවිරිදි පුංචිබණ්ඩාර රෝහල් ගත කොට ඇත. ගිණි තබා ඇති යතුරුපැදියේ වටිනාකම ලක්‍ෂ 3කි. මේ පිළිබඳව පැමිණීලි කිරීම සඳහා තන්තී‍්‍රමලේ පොලිසියට ගිය අවස්ථාවේදී පොලිසියට විරුද්ධව පැමිණිලි භාර නොගන්නා බව කියමින් ආපසු හරවා එවා ඇත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයා මේ පිලිබඳව කිසිවක් නොදන්නා බව ප‍්‍රකාශ කොට ඇත. ඇඹිලිපිටිය සිද්ධිය අවසන්වී මසක් ඉකුත්වීමට ප‍්‍රථමින් පොලිසියේ තවත් චන්ඩි පාට් එකක් මෙසේ එළි දක්වා ඇත. මහජනතාවගෙන් වැටුප් ලබා ගෙන මහජන ආරක්‍ෂාවට සිටින පොලිසිය මහජනතාවට මෙවැනි චන්ඩි පාට් දමද්දී මහජනතාව පත් කර ඇති ආණ්ඩුව බකන්නිලා ගෙන බලා සිටී. මේ පොලිසියට එරෙහිව ජනතාව වීදි බසින දිනය වැඩි ඈතක නොවන බව අප පොලිස්පතිවරයාට අනතුරු අගවන්නෙමු.

 

ආණුඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාව සංශෝධනය කෙරේ

රජය දැනට ඉදිරිපත් කර ඇති ආණුඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවේ සමහර යෝජනා ඉවත් කොට සංශෝධනය කර ඇත. එම සංශෝධනය යටතේ කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනාවේ සඳහන් පූර්විකාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට සඳහන් යෝජනාවේ නව යන වචනය ඉවත් කිරීමටත් නියමිතය. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 225 දෙනාම ඇතුලත් වන ආකාරයෙන් තේරීම් කාරක සභාවක් ලෙස පත් කිරීමටද මෙම සංශෝධන යටතේ කටයුතු කරනු ඇත.

විදේශගත සියලූ තානාපතිවරු එකට කොළඹ කැඳවන්නේ ඇයි?

ශී‍්‍ර ලංකාව නියෝජනය කරන විදේශ තානාපතිවරු සියලූ දෙනා ඉතා ඉක්මනින් ශී‍්‍ර ලංකාවට කැඳවා සාකච්ඡාවක් කිරීමට රජය තීරණය කර ඇත. මෙතෙක් කල් කිසි දිනෙක සියලූ තානාපතිවරු එකට කැඳවා මෙවැනි සාකච්ඡාවක් පවත්වා නැති අතර මෙය ඉතා හදිසි කරුණක් ලෙස සලකා මෙම රැස්වීම කැඳවා ඇත. මෙයට හේතුවී ඇතිතේ ශී‍්‍ර ලංකාව පිළිබඳ ලෝක ප‍්‍රජාව තුල මතුවී තිබෙන අපහැදිලිභාවය වෙනස් කොට යහපත් ප‍්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා තානාපති කාර්යාලවල කි‍්‍රයාකාරිත්වය දැනුවත් කිරීම බවද දැන ගන්නට ඇත. එසේ යහපත් ප‍්‍රතිචාරයක් විදේශවලින් ලබා ගැනීම සඳහා තානාපති සේවය විධිමත්ව හා ශක්තිමත්ව පවත්වා ගෙන යා යුතු යැයිද ඒ ගැන දැනුවත් තානාපති සේවයක් අවශ්‍ය බවද දේශපාලන විචාරකයෝ පවසති. දැනට සිටි තානාපතිවරුන්ට හා කොන්සල්වරුන්ට මේ තත්ත්වය පිලිබඳ අවබෝධයක් නැති නිසා ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දීම මෙම රැස්වීමේ අරමුණවේ.

අයිඑම්එෆ් එකෙන් කෝටි දහදාහක ණය මුදලක් රජය ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් රු. කෝටි දහදාහක හදිසි ණයක් ඉල්ලීමට රජය කටයුතු කර ගෙන යයි. රජය මුහුණ දී සිටින බරපතල මුල්‍ය අර්බුදයට විසඳුමක් හැටියට මෙම රු. කෝටි දහදාහක හදිසි ණය මුදල ඉල්ලා ඇති අතර එය නොලැබුණහොත් පසු ගිය අයවැය පරතරය වන රු. බිලියන 7 පියවා ගැනීමට කුමක් කළ යුතුදැයි සාකච්ඡා කර ගෙන යන බවද, කෙසේ වෙතත් මෙම මුල්‍ය අර්බුදයෙන් රජය ගැලවීමට නම් චීනයෙන් කෙසේ හෝ ලොකු මුදලක් ලබා ගත යුතුව ඇති බවද, මූල්‍ය අංශ පෙන්වා දෙන අතර ඒ සඳහා අගමැතිවරයාගේ චීන සංචාරයේදී කටයුතු කරනු ඇතැයිද බලාපොරොත්තුවේ. එමෙන්ම චීන සංචාරයේදී දැනට නවත්වා ඇති පෝට් සිටි ගිවිසුමද අලූත් කොට චීනය සතුටු කිරීමට අගමැති වරයා කටයුතු කරනු ඇතැයිද දැන ගන්නට ඇත.

පොහොර ඉල්ලා කැබිනට් ඇමතිවරු කෑ ගසති

මේ ආණ්ඩුව පොහොර සහනාධාරය වෙනුවට මුදල් දීමට කටයුතු කලත් එම මුදල් ලබා ගැනීමට ගොවීන් සූදානම් නැතැයිද ඒ වෙනුවට පෙර පරිදිම පොහොර සහනාධාර දීමට කටයුතු කරන්නැයි පසු ගියදා පැවති කැබිනට් රැස්වීමේදී දයාසිරි ජයසේකර, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, සජිත් පේ‍්‍රමදාස, අනුර පි‍්‍රයදර්ශන යාපා, දයා ගමගේ ඇතුලූ කෘෂිකාර්මික ප‍්‍රදේශවලින් පැමිණි කැබිනට් ඇමතිවරු රාශියක් කැබිනට් මණ්ඩලයේදී ඉතා බරපතල ලෙස ඉල්ලා සිටි අතර මෙම ඉල්ලීම මීට පෙර 7 වතාවක් කෙරී තිබෙන බැවින් ජනාධිපති අගමැති ඇතුලූ කැබිනෙට්ටුව බලවත් අසීරුතාවයට පත්ව ඇත. මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ තමන් දේශපාලනට ගෙන ආ පොළන්නරු ජනතාවට අද තමන්ටද මුහුණ දීමට හැකියාවක් නොමැති බවත්, පොහොර සහනාධාර නොමැතිවීම හා වී විකුණා ගැනීමට නොහැකි වීම නිසා ජනතාව තමන්ව බලවත් ලෙස විවේචනයට ලක් කරන බවද, එම නිසා ගොවි ජන ප‍්‍රශ්න විසඳීම සඳහා වහාම පියවර ගත යුතු බවද ප‍්‍රකාශ කොට ඇත.

රවිරාජ් ඝාතනය කලේ ගෝඨාභයගේ උවමනාවට

පා.ම. රවිරාජ් ඝාතනය කරන ලද්දේ කරුණා පාර්ශවයේ ජනාදරන් නමැති අයෙකු බවත් ඔහුට ඒ සඳහා රු. කෝටි 5ක මුදලක් ලබා දුන් බවත් එම මුදල ලබා ගත්තේ කරුණා පාර්ශවයේ චරන් නමැත්තෙකු බවද බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු වන අබේත්න නමැත්තා කොළඹ මහේස්ත‍්‍රාත් තිළින ගමගේ මහතා ඉදිරියේ ප‍්‍රකාශයක් කරමින් පිළි ගෙන ඇත. මෙම පොලිස් කොස්තාපල්වරයාගේ ප‍්‍රකාශයට අනුව බුද්ධි අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දැනට විශ‍්‍රාම ලබා රටේ ප‍්‍රධානතම දේශපාලඥයකුගේ කාර්යාලයේ සේවය කරන ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ඩූල් නමැත්තා මෙම ඝාතනය මෙහෙයවූ බවත් ඔහුට අණ දුන්නේ එම අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක බවද හෙළිදරව් කොට ඇත. මේ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩූල් හා නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායකත්, කීර්ති ගජනායකට අණ දුන් ගෝඨාභය රාජපක්‍ෂත් අත්අඩංගුවට ගත යුතු යැයි දේශපාලක විචාරකයෝ පවසති.