මනෝ තිත්තවැල්ලට සංහිඳියා යාන්ත‍්‍රණය භාර දෙයි

මෙම රජය පිහිටුවා ඇති සංහිදියා යාන්ත‍්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහාලේකම්වරයා ලෙස මනෝ තිත්තවැල්ල මහතා පත් කර ඇත.

මෙම පත්වීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සිදුකර ඇති අතර, මනෝ තිත්තවැල්ල මහතා හිටපු රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු හා පෞද්ගලික අංශයේ ආයතන ගණනාවකම අධ්‍යක්‍ෂවරයෙක් ලෙස කටයුතු කරන විශිෂ්ඨ සේවා වාර්තාවක් ඇති කෙනෙකි.

ත‍්‍රිකූණාමලයේ මෙගාවොට් 1200 ගල් අඟුරු බලාගාරයක් පිහිටුවයි

ජපන් රජයේ ආධාර ඇතිව මෙගාවොට් 1200ක ධාරිතාවයකින් යුතු ගල් අගුරු බලාගාරයක් ත‍්‍රිකුණාමලයේ ඉදිකිරීමට අවශ්‍ය මුලික සාකච්ඡුා පවත්වා තිබේ.

ජයිකා ආයතනය මේ සඳහා ඉදිරිපත්ව ඇත. වඩාත් කාර්යක්‍ෂමව ඉදිකරන මෙම ගල් අගුරු බලාගාරය එය පරිසර හිතකාමී එකක්ද වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මිලියන 25ක භාණ්ඩාගාර බිල්පත් අද නිකුත් කෙරේ

රුපියල් මිලියන විසිපන්දහසක භාණ්ඩාගාර බිල්පත් අද නිකුත් කිරීමට භාණ්ඩාගාරය කටයුතු යොදා ඇත.

ඒ අනුව මේ බිල්පත් ටෙන්ඩර් කැඳවා අද වෙන්දේසි කිරීමට නියමිතය. මහබැංකුවේ භාණ්ඩාරයේ ණය දෙපාර්තමේන්තුවේ වැඩ බලන ණය අධිකාරී ලේඛකාධිකාරී සරත්චන්‍ද්‍ර මහතා මේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බව මාධ්‍යයට දැනුම් දී තිබේ.

චම්පිකට එරෙහිව විශ්වාසභංගය ලබන සතියේ

අමාත්‍ය චම්පික රණවක මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අපේ‍්‍රල් 05 වැනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේදී කටයුතු කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ති‍්‍රක්ක පා.ම. රංජිත් සොයිසා මහතා ප‍්‍රකාශ කොට ඇත.

මේ වන විට මන්ත‍්‍රීවරු 40කට වැඩි ප‍්‍රමාණයක් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කොට ඇත. විශ්වාසභංග යෝජනාවේ චෝදනාව වී ඇත්තේ රාජගිරිය ප‍්‍රදේශයේදී තරුණයෙකු අනතුරකට ලක්කොට පලා යාම හා එහි පරීක්‍ෂණවලට දේශපාලන බලපැම් සිදු කිරීමයි.

ඩොලරය රු. 150 පනී

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ කිසිදාක නොවූ ආකාරයට ඇමරිකන් ඩොලරයක මිල රු. 150.54 දක්වා වැඩිවී තිබේ.

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි තත්ත්වයක් උදාවී නොමැති අතර, දිනෙන් දින රුපියලකින් හෝ ඩොලරය ඉහල යාම සිදුවෙමින් පවතී. මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කෙසේ පවත්වාගෙන යා හැකි දැයි අද ප‍්‍රශ්නයක්ව පවතී. ඩොලරය ගැනුම් මිල 146.52ක් බව මහබැංකු නිල වෙබ් අඩවිය දක්වන අතර, එය පෙරේදාට සාපේක්‍ෂව ශත 96ක ඉහල යාමකි. ආර්ථික විශේෂඥයෝ පවසන්නේ මෙය තවදුරටත් සීඝ‍්‍රයෙන් ඉහල යන බවයි. මේ අයුරින් ඉහල ගිය හොත් රටේ  ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටීම වැළැක්විය නොහැක.

සිවිල් සමාජය

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පැවතීමට නම් රජ්ය සමග කේවල් කලහැකි බලවත් සිවිල් සමාජයක් අවශ්‍යය. සිවිල් සමාජය සක්තිමත් නැතිතැනක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් එකින් එක නැතිවයයි. එයට හේතුවන්නේ රාජ්‍යයනුම යටපත්කිරීමේ මෙවලමක් බැවිනි. එම මෙවලම ආම්බාන් කලහැක්කේම සිවිල් සමාජය අවදිමත් එකක්නම් පමනි. දියුනු ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා සිවිල්සමාජය අකර්මන්‍යවූ සෑමමොහොතකම රාජ්‍යය ජන අයිතීන් කප්පාදුවට සැරසෙති. එනිසා දැනුවත් සිවිල්සමාජයක් ඇති කරගැනීම අපට ඇති වැදගත්ම කාරියයි.

නමුත් සිවිල් සමාජය සන්විදානය කිරීම පහසු නැති කාරියකි. විසේසයෙන්ම තම අයිතීන් පිලිබඳ පනීසිටීමට පුරුදු පුහුනු කරනැති සමාජයක එයවඩාත් අපහසුය. සිවිල් සමජයන් සන්විදානය කිරීමේදී එයට මුල්කර ගත යුතු ප්‍රස්න රටින් රටට වෙනස්ය. නමුත් සිවිල් සමාජයක් ඇතිකර ගැනීමට දැක්ම සහ වැඩපිලිවෙල එකක්ය.

සිවිල්සමාජයයනු පතුරුනු සරල ජලගත වීමකි. එතුල ගොනුවන අයට ගොනුවීමට හෝ එකපෙලට සිටගැනීමට පොදුකරනාවක් තිබිය යුතුය. ජර්මනියේදී එය “වර්ගවාදයට සහ ෆැසිස්ට්වදයට එරෙහිවෙමු” කියා වියහැකි අතර ලන්කාවේදී එය “ජනවාරි 8 විප්ලවය රැකගනිමු – දූසිතයන් නීතිය ඉදිරියට ගෙන එමු” කියා වියහැක. එහිදී එයට එකට එක්වන පුද්ගලයන් ආගමික පසුබිමේසිට ව‍යාපරික ප්‍රජාව දක්වාවිහිදුනු සමාජ පැතිකඩක් වියහැක. එය පොදු කරුනකට පුලුල් ජලගතවීමකි.

මෙහිදී පක්ස ගොඩනැගීමේදී මෙන් සියලු කරුනු වලට එකඟ කන්ඩායමක් හැදීමේ ක්‍රමවේදය (මෙය පක්ස ගොඩනැගීමේ ක්‍රමවේදයයි.)වලන්ගු නැත. අරමුන මුල්කරගත් සනිදාන ගතවීමක් තුල මිනිසුන්, පක්ස, ආගම් ආදී සැම දෙනෙකුටම ගොනුවීමට ඉඩ තිබියයුතුය. අදාල කාරනයේදී එක්ව සිටියත් වෙනත් කාරනාවන්හිදී වෙනත් මත දැරිය හැක.

එමෙනිම සිවිල් සමජ කන්ඩායමක් සැමවිටම ක්‍රියකරනුයේ පවතින රජයට තෙරපුම් කන්ඩායමක් ලෙසිනි. රාජ්‍ය බලය ඇල්ලීම ඔවුන්ගේ අරමුන නොවෙති.

සිවිල් සමජය තම සන්විදාන කටයුතුවලදී රාජ්‍ය ආයතනයන්හි පහසුකම් සහ සම්පත් ප්‍රය්යෝජනයට ගැනීම හැකිසැමවිටම කලයුතුය. රාජ්‍ය සහ රාජ්‍ය දේපල ජනතා දේපලය. එනිසා හැකි සැමතැනම ඒවා ප්‍රයෝජනයට ගැනීම අපේ අයිතියකි.

සිවිල් සමාජය සන්විදානය කිරීමට ආකර්ශනීය වැඩකලයුතුය. 60 දසකයේ කොවූර්ලා මිත්‍යාමත වලට එරෙහිව රටපුර කල බූතයන් ඇල්ලීම, ගිනිපැගීම වැනි ක්‍රියා. සමාජය මිත්‍යාමත වලින් පිරී ඇති අදටත් මෙවැනි වැඩපිලිවෙලක් වලන්ගු බව මගේ වැටහීමයි.

ඩුබායි කාර් සේල් එකේ වැඩ කළ අපේ තිදෙනෙක් බරපතල වැඩක් දීලා

ඩුබායිහි සිටි ශ‍්‍රී ලාංකික තිදෙනෙකු එරට වාහන අලෙවි ව්‍යාපාරයක් හිමි සිය ස්වාමියාට හොරෙන් රුපියල් ලක්‍ෂ 1120ක් (ඩිරාම් මිලියන 2.8ක්* වටිනා මෝටර් රථ 11ක් ව්‍යාජ ලිපි ලේඛන සකසා විකුණා දමා පසුදා ලංකාවට හොරෙන්ම පැමිණ ඇත.

මෝටර් රථ අලෙවි හිමියා 43 හැවිරිදි කසකස්තාන ජාතිකයෙකු සිය බිරිය සමග විදේශගතව සිටියදී මෙම සොරකම සිදුකොට ඇත. ඔහු නැවත ඩුබායි පැමිණි දිනයේම මොවුන් තිදෙනා ලංකාවට පැමිණ ඇත.

අර්ධ අවසාන පූර්ව වටයට ශ‍්‍රී ලංකාව සුදුසු නැති බව නායකයා පිළිගනී

මෙවර පැවති ලෝක කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් තර`ගාවලියේ අර්ධ අවසාන වටයට සුදුසු නැති බව කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිවුස් පෙරේදා නවදිල්ලියේදී එංගලන්න කණ්ඩායමට පරාජය වු අවස්ථාවේදී ප‍්‍රකාශ කර තිබේ. එංගලන්තය හමුවේ ලකුණු 10කින් පරාජය වීමෙන් පසු ඔහු මෙම ප‍්‍රකාශය කලේය.

අපි මෙම ලෝක කුසලාන තරගයේ ක‍්‍රීඩා කළ ආකාරය දෙස බැලීමේදී අර්ධ අවසාන පූර්ව වටයට සුදුසු ආකාරයෙන් ක‍්‍රීඩා නොකල බවත් ඒනිසා තම කණ්ඩායම ඒ සඳහා නොසුදුසු කණ්ඩායමක් බව ප‍්‍රකාශ කර ඇත.

උතුරු-දකුණු සංහිදියා චාරිකාවට වන්නි මාධ්‍යවේදීන් විරෝධය පාති

උතුරු හා දකුණු මාධ්‍යවේදීන් අතර සුහදතාවය වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ලද යාල්දේවී චාරිකාව සඳහා මාධ්‍යවේදීන් රැුගෙන යාපනයට යන අවස්ථාවේදී 26 වැනිදා වවුනියාව දුම්රිය ස්ථානයේදී වන්නි මාධ්‍යව්දීන්ගේ සංගමය මෙම චාරිකාව සංවිධානය කළ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට හා එම නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාට විරෝධය පල කලේය.

මෙහිදී විරෝධය පල කරමින් එම මාධ්‍යවේදීන් කියා සිටියේ සංහිදියාව වෙනුවෙන් උතුරේ මාධ්‍යවේදීන් හමුවීමට යන මෙම චාරිකාවේදී උතුර ආරම්භ වන වවුනියාව, මන්නාරම හා මුලතිව් දිස්ත‍්‍රික්කවල සිංහල දෙමළ කිසිදු මාද්‍යවේදියෙකුට මෙම චාරිකාවට කිසිදු දනුම්දීමක් හෝ කිසිදු ආරාධනාවක් නොකළ බවයි. යාපනය මාධ්‍යවේදීන්ට පමණක් දැනුම්දීමෙන් සංහිදායාව ඇතිවන්නේදැයි මෙහිදී එම මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළහ. මෙහිදී ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ මෙම චාරිකාවට තමන් සහභාගීවුවා මිස මෙය සංවිධානය නොකළ බවත්, ල`ගදී දිනෙක වන්නි මාධ්‍යවේදීන් හමුවීමට එන බවත්ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රතිසංවිධාන රැස්වීම් හූ කීම් වලින් නිමාවේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සංධානයේ නව මහාලේකම් මහින්ද අමරවීර මහතා විසින් කැඳවා තිබූ බද්දේගම අරණායක, මාවනැල්ල, වෙන්නප්පුව ඇතුලූ ප‍්‍රදේශ ගණනාවක පැවැත් වූ රැුස්වීම් හූ කීම් හා ගාලගොට්ටි මැද කෙලවර වී තිබේ.

මෙම රැුස්වීම්වලට සහභාගී වූ එස්.බී. දිසානායක, සුසිල් පේ‍්‍රම්ජයන්ත ඇතුලූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයින්ට ජනතාවගෙන් බරපතල විරෝධතා මතුවී ඇත. සමහර නායකයින්ට කථාකිරීම සඳහා නැගී සිටීමට ද ඉඩක් ලැබී නැත.