හෙට විශේෂ රථවාහන සැළැස්මක්

හෙටට(01) යෙදී ඇති මැයි දිනය වෙනුවෙන් මැයි පෙළපාලි පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

හෙට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ මෙය ක්‍රියාත්මක වන බව සඳහන්ය.

මාලිගාවත්ත, ප්‍රදීපා මාවත, ජුම්මා මස්ජිත් සන්ධියේ සිට සංඝරාජ  වටරවුම දක්වා ප්‍රදේශයේ අදාළ කාලය තුළ වාහන ගමනාගමනයට වසා තැබෙනු ඇත.

එමෙන්ම පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වා බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ හන්දියේ සිට බොරැල්ල හන්දිය දක්වාත්, නාරාහේන්පිට හන්දියේ සිට හයිලෙවල් පාර දක්වාත් වසා තැබෙන බව පෙලීසිය පවසයි.

පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ හයිලෙවල් මාර්ගයේ හැව්ලොක් මාර්ගය, ඩික්මන් මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයද වසා තැබීමට නියමිතය.

මැයි දිනය පැවැත්වෙන හෙට දින පස්වරු 1.00 සිට  පස්වරු 4.00 දක්වා සරණංකර මාර්ගයත්, පස්වරු 12.30 සිට පස්වරු 3.00 දක්වාත් සරණංකර මාර්ග හන්දියේ සිට පරණ පාර ඇන්ඩර්සන් නිවාස හන්දිය දක්වාත් වසා තැබෙනු ඇත.

ඊට අමතරව මැයි දිනය සැමරෙන හෙට තවත් මාර්ග බොහොමයක වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.

එමෙන්ම අද රාත්‍රියේ සිට මාර්ග කිහිපයක වාහන නවතා තැබීමට ඉඩ නොතබන බවද පොලීසිය පවසයි.

සංඝරාජ මාවත, ජයන්ති වීරසේකර මාවත, ආමර් වීදිය, බේස්ලයින් මාර්ගය, හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලමේ සිට ඩික්මන් මාර්ග හන්දිය  දක්වා කිරුලපන පාර, පාර්ක් පාර මෙලෙස වාහන නවතා තැබීම තහනම් වන බව පොලීසිය පවසයි.

ඊට අමතරව මාර්ග අංක 138, මාර්ග අංක 120, 125, මාර්ග අංක 154, මාර්ග අංක 170, 190 යන මගී බස් රථද විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවීමට ක්‍රියා කරන බව පොලීසිය පවසයි.

මොන පනත් සම්මත වුණත් රට දෙකඩ කරන්නේ නැහැ.ජනාධිපති අවධාරණය කරයි

උතුරු පළාත් සභාවේ මොන පනත් සම්මත වුවද මේ රට දෙකඩ කිරීමට හෝ රටේ ස්වෛරීත්වයට හානිවන කිසිවක් කිරීමට තම රජය ඉඩනොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 27දා ප්‍රකාශ කළේය. දේශපාලන වාසි ලබා ගැනීම ඉලක්ක කරගනිමින් විවිධ ස්ථාවරයන් දැරුවද ඒවා ගැන කලබල වීමට හේතුවක් නැතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මන්දිරයේ රජයේ පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. පළාත් සභාවල පමණ් නොව පාර්ලිමේන්තුවේ ද පනත් ඕනෑ තරම් සම්මත කළ හැකි වුවත් ඒවා  ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නැති බව ජනාධිතිවරයා පෙන්වා දුන්නේය.

 

සිරියාවේ ලෝක උරුමයක් is ත්‍රස්තයෝ සමතලා කරති

සිරියාවේ පැල්මයිරාහි ඓතිහාසික නටබුන් පිහිටි ප්‍රදේශය වෙත is ත්‍රස්තවාදීන්ගේ තවත් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙවර ප්‍රහාරයට ලක්වී ඇත්තේ ‘බෙල් ටෙම්පල්’ ලෙස ප්‍රකට පූජනීය ස්ථානයකි.

දකුණේ මහින්දලාත් උතුරේ විග්නේශ්වරන්ලාත් ජාතිවාදය වපුරනවා. මේ දෙකම රටට අහිතකරයි – ටිල්වින් සිල්වා කියයි

උතුරේ ධනේෂ්වර දේශපාලන නායකයන් වන විග්නේශ්වරන්ලාත් දකුණේ බංකොලොත් දේශපාලන කල්ලියත් වන මහින්ද රාජපක්‍ෂලාත් එක්ව රට තුළ ජාතිවාදය පෝෂණය කරමින් සිටින බවත්, කුමන වේශයකින් පැමිණියත් රටේ නැවතතත් ජාතිවාදයක් ඇතිකිරීමට කිසිදු ඉඩක් නොතබන බවත්, ජනතා විමක්ති පෙරමුණ සහතික වන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

උතුරු මහ ඇමති විග්නේශ්වරන් ගෙනා ෆෙඩරල් යෝජනාව සම්මත කිරීමට කිසිදු ඉඩක් නොතබන බව ද, දෙමළ ජාතික සංධානය සහ විග්නේශ්වරන් දෙමළ ජනතාවගේ විරෝධයට ලක්වෙද්දී එම විරෝධතා යටපත් කිරීමට ජාතිවාදයට මග සලසන අතර, පරාජිත මහින්ද කල්ලිය නැවත බලයට ඒම සඳහා දකුණේ ජාතිවාදයට උඩගෙඩි දෙමින් සිටින බවත්, පවසන ඒ මහතා, මෙම ජාතිවාදයන් දෙකටම මහජනතාව විරුද්ධව පෙළගැසිය යුතු බව ප‍්‍රකාශ කළේය.

ඩග්ලස් දේවානන්දා, සී.ඩබ්.සී. නායන තොන්ඩමන් හා අතාවුල්ලා ඇතුලූ පක්‍ෂ ගණනාවක් ගාල්ල මැයි රැලියට එක්වෙයි

ගාල්ලේ පැවැත්වෙන එ.ජ.නි.ස.යට ඊපීපී නායක ඩග්ලස් දේවානන්දා, සී.ඩබ්.සී. නායන තොන්ඩමන් හා අතාවුල්ලා ඇතුලූ පක්‍ෂ කිහිපයක නායකයෝ පැමිණිමට තීරණය කොට ඇත. මේ පිළිබඳව එ.ජ.නි.ස.යට ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දාගෙන් විමසූ විට එතුමා ප‍්‍රකාශ කර සිටියේ මේ රජය, ජාතික සමගිය හා සංහිදියාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටුකරන බැවින් එම මැයි රැුළියට සහභාගීවීමට තීරණය කළ බවයි.

දකුණේ මහින්දලාත් උතුරේ විග්නේශ්වරන්ලාත් ජාතිවාදය වපුරනවා. මේ දෙකම රටට අහිතකරයි – ටිල්වින් සිල්වා කියයි

උතුරේ ධනේෂ්වර දේශපාලන නායකයන් වන විග්නේශ්වරන්ලාත් දකුණේ බංකොලොත් දේශපාලන කල්ලියත් වන මහින්ද රාජපක්‍ෂලාත් එක්ව රට තුළ ජාතිවාදය පෝෂණය කරමින් සිටින බවත්, කුමන වේශයකින් පැමිණියත් රටේ නැවතතත් ජාතිවාදයක් ඇතිකිරීමට කිසිදු ඉඩක් නොතබන බවත්, ජනතා විමක්ති පෙරමුණ සහතික වන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

උතුරු මහ ඇමති විග්නේශ්වරන් ගෙනා ෆෙඩරල් යෝජනාව සම්මත කිරීමට කිසිදු ඉඩක් නොතබන බව ද, දෙමළ ජාතික සංධානය සහ විග්නේශ්වරන් දෙමළ ජනතාවගේ විරෝධයට ලක්වෙද්දී එම විරෝධතා යටපත් කිරීමට ජාතිවාදයට මග සලසන අතර, පරාජිත මහින්ද කල්ලිය නැවත බලයට ඒම සඳහා දකුණේ ජාතිවාදයට උඩගෙඩි දෙමින් සිටින බවත්, පවසන ඒ මහතා, මෙම ජාතිවාදයන් දෙකටම මහජනතාව විරුද්ධව පෙළගැසිය යුතු බව ප‍්‍රකාශ කළේය.

ෆෙඩරල් ඉල්ලන විග්නේෂ්වරන්ගේ යෝජනාව ස්‌වීඩන් ඇමැතිනිය පිළිගනී

උතුරේ ෆෙඩරල් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කළ යුතු බවට උතුරු මහ ඇමැති ඉදිරිපත් කළ යෝජනාව ස්‌වීඩන් විදේශ ඇමැතිනි මාර්කොට්‌ වොල්ස්‌ඩොන් පිළිගෙන ඇත.

ස්‌වීඩන් විදේශ ඇමැතිනිය සමග උතුරු මහ ඇමැතිවරයා පැවැත්වූ සාකච්ඡාවේදී මෙම ෆෙඩරල් යෝජනාව ඇය වෙත ඉදිරිපත් වී තිබේ.

මෙම සාකච්ඡාවේදී උතුරේ ජනතාවට යුක්‌තිය අහිමිවී ඇති බවටද විග්නේෂ්වරන් විසින් ස්‌වීඩන් විදේශ ඇමැතිනියට පැමිණිලි කර ඇත.

උතුරු පළාත් සභාවට ස්‌වීඩනයෙන් සෘජු ආධාර ලබාදෙන ලෙස විග්නේෂ්වරන් කළ ඉල්ලීම ස්‌වීඩන් විදේශ ඇමැතිනිය විසින් ප්‍රතික්‌ෂේප කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂ නම වැරදි නම් යහපාලනය නමත් ඉවත් කරන්න

තමන්ගේ මන්ත‍්‍රී කණ්ඩායමට ඒකාබද්ධ විපක්ෂය යන නම ඉවත් කරන්නැයි ආණ්ඩුව පවසනවානම් යහපාලනය යන නම ඉවත්කිරීමටද ආණ්ඩුව කටයුතු කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය යන නමට විරෝධයක් ඇත්නම් අධිකරණය මගින් කටයුතු කළ යුතු බවත්,එතෙක් සෑම අවස්ථාවකදීම ඒකාබද්ධ විපක්ෂය යන නම භාවිත කරන බවත් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම අදහස් දැක්වීය.

ඒකාබද්ධ විපක්ෂය වැරදි හැඳින්වීමක් ඒ නම භාවිතා නොකරන්න – රජය කියයි

‘ඒකාබද්ධ විපක්ෂය’යනුවෙන් භාවිත කිරීම නීතියට පටහැනි බව පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සියලූ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබේ.

අමාත්‍යාංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා මේ පිළිබඳව දන්වා එවා ඇති ලිපියේ දැක්වෙන්නේ ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් භාවිත කරමින් එය ප‍්‍රවර්ධනයට දායක වීමේන් අනවශ්‍ය, අහිතකර හා නීතිවිරෝධී පුර්වාදර්ශයක් සමාජගත විය හැකි බව ය.

එමගින් ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන් නීතිය ඉදිරියේ ප‍්‍රතිබන්ධනය වීමට ද ඉඩ ඇති බව එහි සඳහන් ය.

පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපියේ දැක්වෙන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂ පැහැදිලිව අර්ථ නිරූපණය කර ඇති බව ය.

එසේ තිබියදී විපක්ෂ නායකවරයා හෝ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා නියෝජනය නොකරන ආණුඩු පක්ෂය නියෝජනය කරන ප‍්‍රධාන පක්ෂයක මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු එක්වී ඒකාබද්ධ විපක්ෂය නමින් සංවිධානාත්මක දේශපාලන ප‍්‍රචාරක කටයුත්තක නිරතව සිටින බව එහි සඳහන් ය.

ලේකම්වරයා පවසන්නේ යහ පාලනය මත පදනම් වූ වත්මන් රජයේ මාධ්‍ය ප‍්‍රතිපත්තිය අනුව කිසිදු වාරණයකින් තොරව මාධ්‍ය නිදහස රිසි සේ දලූ ලා වැඩෙන්නට ඉඩදී තිබියදී නීතියට සදචාරයට හා ජනමාධ්‍ය කලාවේ වෘත්තීය ආචාර ධර්මවලට පටහැනිව යම් යම් පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා කටයුතු නොකරන ලෙස ය.

පකිස්ථානුවාගේ බඩෙත් මත් ගුලි

හෙරොයින් සමග පකිස්ථාන ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක සිදු කළ වැටලිමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව සැකකරු සතුව තිබී හෙරොයින් ගුලි 07ක් සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් සැකකරු හෙරොයින් ගුලි ගිල ඇති බවට ද පොලිසියට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත්  කර ඇති බව සඳහන්ය.

එහිදී සැකකාර පකිස්ථාන ජාතිකයා විසින් ගිල තිබූ තවත් හෙරොයින් ගුලි 12ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළේය.

සැකකරු 21  හැවිරිදි අයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ලංකාවට තවදුරටත් ඇමරිකාවේ සහය

ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික වර්ධනයක් උදෙසා තවදුරටත් උපරිම සහය ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළා. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සමන්තා පවර් මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෙළඳ සහ ආයෝජන සැළසුම් එකඟතා මණ්ඩලයේ රැස්වීමෙන් අනතුරුවයි. 

නිව්යෝක් නුවර පැවති එම රැස්වීමේදී අදහස් දැක්වූ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය කියා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් රජය පසුගිය මාස 16 ක කාලය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන සිටින බවයි. 

තිරසාර සාමය ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීම සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ නව සබඳතා ගොඩනගාගැනීමේදී ශ්‍රී ලංකාව මෙලෙස ඉදිරියට පැමිණ ඇති බවයි ඇය සඳහන් කළේ.
භීතියේ වාතාවරණය ඉවත්ව ගොස් ඇති අතර දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියද සාර්ථකව සිදුවන බවයි ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිනිය සඳහන් කළේ. 

සියලූම ශ්‍රී ලාංකිකයන්ට යුක්තිය සහ සංහිඳියාව ඇති කරන ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව යොමුවී සිටින අතර එහිදී ඇතිවන අභියෝගයන් හමුවේ සහයවීම සඳහා ඇමරිකාව ඉදිරිපත්ව සිටින බව තානාපතිනි සමන්තා පවර් අවධාරණය කළා.

මේ අතර එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනෙකු අද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. 

නීතිය සහ අධිකරණ පද්ධතිය පිළිබද විශේෂ නියෝජිත මොනිකා ප්‍රින්ටො සහ මානව හිමිකම් සහ නීත්‍යානුකූල නොවන දඩුවම් සම්බන්ධයෙන් විශේෂ නියෝජිත ජුවාන් ඉ මෙන්ඩිස් එම නියෝජිතයන් දෙදෙනායි.