අයවැයට එරෙහිව අද රට පුරා වෛද්‍යවරු වර්ජනයේ

යහපත් ප්‍රතිචාර නැතිනම් වර්ජනය දිගටම

අයවැය යෝජනා කිහිපයකට විරෝධය දක්‌වමින් දිවයින පුරා වෛද්‍යවරුන් අද (30 දා) දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

මෙම වර්ජනය සඳහා රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය සහ රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය සහාය දක්‌වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා  ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ළමා රෝහල්, කාන්තා රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්‌ථානවල වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන අතර වර්ජිත රෝහල්වල ද හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේය.  විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අහිමි කිරීම, වෘත්තීයවේදීන් ඇතුළු රජයේ සේවක වැටුප්, දීමනා හා ප්‍රධාන රැකියාවන් පසු කරන රැකියාවන් අධික බදුවලට යටත් කිරීම, දුම්කොළ නිවාරණය සඳහා දුම්කොළ සමාගම්වලින් ජනාධිපති අරමුදලට මුදල් ප්‍රදාන ලබාගැනීම, රෝහල් පුද්ගලික අංශයට විවෘත කිරීම, රෝගීන්ට බිලක්‌ නියම කිරීම, සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමවේදයක්‌ හඳුන්වාදීම, මෙරට රැකියා සඳහා පැමිණීමට විදේශිකයන්ට අවසර දීම මගින් එට්‌කා ගිවිසුම හොර පාරෙන් ක්‍රියාත්මක කිරීම වැනි කරුණුවලට එරෙහිව මෙම වැඩවර්ජනය අද දවසේ ක්‍රියාත්මක කෙරේ.  තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණොත් මෙම වැඩවර්ජනය ඉදිරියේදී අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දක්‌වා ව්‍යාප්ත කරන බව ද ඒ සඳහා සෙසු වෘත්තීය සමිති ද එක්‌කර ගන්නා බව ද නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-Divaina

පිල්ලයාන් යළි රිමාන්ඩ්

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝෂප් පරරාජසිංහම් ඝාතනයේ සැකකරුවන් වන නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ඇතුළු සිව් දෙනා දෙසැම්බර් 14 වැනි දා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන්නැයි මඩකලපුව මහේස්ත‍්‍රාත් එම්.ගනේෂරාජා මහතා අද (30) නියෝග කළේය.

-Lankadeepa

 

කරුණා අත්අඩංගුවට

හිටපු ඇමති කරුණා අම්මාන් එෆ්සීඅයිඩියෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඔහු කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.

කෝටි 80ක් වටිනා වෙඩි නොවදින මොටර් රථයක් අවභාවිතා කළැයි ද එම රථය මඩකලපුවෙන් සොයාගත් බවද පොලිසිය කියයි.

-Lankadeepa

 

සා.පෙළ ටියුෂන්, සම්මන්ත්‍රණ හෙටින් පසු තහනම්

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක කටයුතු හෙට (30 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක්‌ සපුරා තහනම් වෙයි.

ජාතික විභාගයකට දින පහකට පෙර සිට සියලුම උපකාරක කටයුතු තහනම් කිරීමේ ගැසට්‌ නිවේදනයට අනුව මෙම තහනම ක්‍රියාත්මක වෙයි. ඒ අනුව විභාගයට අදාළ පෞද්ගලික පන්ති, සම්මන්ත්‍රණ, ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම, ප්‍රශ්න සාකච්ඡා කිරීම වැනි සියලු උපකාරක කටයුතු තහනම් වේ. මෙම නියමයන් කඩකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවසීය.  ලබන මස 6 වැනිදා ආරම්භ කෙරෙන මෙම විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවෝ හත්ලක්‍ෂයකට ආසන්න පිරිසක්‌ පෙනී සිටිති.

-දිවයින

ඉදිරියේදී විදේශ රැකියා සඳහා පිටත්වීමේදී අනිවාර්ය කළ දේ

වසර 2019 න් පසු විදේශ රැකියා සඳහා පිටත් කර යවනු ලබන්නේ පුහුණු ශ්‍රමිකයින් පමණක් බව විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාල ප්‍රකාශ කළා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරන විගමනික දෙමව්පියන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.

-හිරු නිව්ස්

වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයකට සැරසෙති

හෙට දින ජාතික මට්ටමින් පැය විසිහතරක සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ හෙට (නොව.30) උදෑසන 08 සිට වැඩවර්ජනය ක්‍රියාත්මක වනු ඇති බවය.

අය වැය යෝජනාවල රාජ්‍ය සේවයට සහ සෞඛ්‍ය සේවයට හානිකර කරුණු ඇති බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම යෝජනා ඉවත් කර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් සමග ගුවන් යානයක් අතුරුදන්

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගත් ගුවන් යානාවක් කොලොම්බියාවේදී අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.ඔවුන් දකුණු ඇමෙරිකා පාපන්දු ශුරතාවයේ අවසන් තරඟයට සහභාගී වීම සඳහා මෙඩලින් ගුවන් තොටුපල වෙත ගමන් කරමින් සිටින අතර තුර දී රේඩාර් පද්ධතියෙන් අතරුදන් වී තිබේ.

යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 80ක් පමණ සිටි බවද බලධාරීහු පවසති.යානය ඉන්ධන නොමැතිව අනතුරට ලක්වන්නට ඇතැයි බලධාරීහු මත පළ කරති.

-Lankadeepa

මහවිරු සැමරුමට ටීඑන්ඒත් යයි

යුද්ධයෙන් මියගිය ‘මහවිරුවන්‘ සැමරීමේ වැඩසටහනක්  උතුරේ දී පැවැත්විණි.

යාපනය නැගෙනහිර වඩමාරච්චියේ දී මහවිරුවන් මිහිදන් කළ ස්ථානයක ද යාපනය කෝපායි යුද හමුදා කඳවුර  ඉදිරිපිට සැමරුම් සිදු කැරිණි.

දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතාද සහභාගී විය.

කිලිනොච්චිය කනකපුරම් හා මුලංකාවිල්හී මහවිරු සුසාන භූමි පැවති ස්ථානයන්හි මහවිරුවන්ගේ පවුල් වල ඥාතීහු සැමරීමට එක්වූහ.

වාහන ලියාපදිංචියට දහස් ගණනන් පෝලිමේ

වාහන ලියාපදිංචි කිරිම සඳහා 3000කට  අධික පිරිසක්  නාරහේන්පිට මෝටර් රථ  දෙපාර්තමේන්තුවට පැමිණ සිටියහ.

vehi-copy-Lankadeepa

 

කස්ත්‍රෝ අනූවේ දී සමුගනී

කියුබාවේ හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ (90) අභාවප්‍රාප්ත විය. බලවත් ඇමෙරිකාව සමග එකඟතාවයන්ට  නොගොස් සමාජවාදී ආර්ථික ක්‍රමයකට සිය රට මෙහෙයවමින් ඔහු දැක්වූ ආදර්ශය සමස්ථ ලෝකයම අගය කරයි.

ඒ වෙනුවෙන් ඇමෙරිකාවෙ සම්බාධකවලට ලක්ව දශක ගණනාවක් සිය රට පාලනය කිරීමට ඔහුට සිදුව තිබිණි. වසර කිහිපයක් රෝගාතුරව සිටි පිදෙල් කස්ත්‍රෝ  ජනාධිපති ධූරයෙන් ඉවත්වීමෙන් පසු ඔහුගේ සොහොයුරු රාහුල් කස්ත්‍රෝ කියුබාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු ඇරඹීය. කිසිවිටකත් ඇමෙරිකාව ඉදිරියේ දණ නොනැමූ මේ නායකයා ජගත් සමාජවාදයේ පතාක යෝධයකු ලෙස සදා ඉතිහාසගත වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ නායකයකු ලෙස ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේ ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරතවූයේ ය.

-Lankadeepa