විමල් වීරවංශ උපවාසය අත්හරී

ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටින මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය උපවාසය අත්හළ බව නිල නොවන ආරංචි පවසයි.
විමල් වීරවංශ මහතා බන්ධනාගාරගතව සිටිය දී පසුගිය 21 වැනිදා උපවාසය ආරම්භ කළේය. ජාතික රෝහලට අද පෙරවරුවේ පැමිණි මැදගොඩ අභයතිස්ස, කිරම විමලජෝති ඇතුළු හිමිවරු පිරිසක් වීරවංශ මහතාගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බවත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.  වීරවංශ මහතා වෙනුවෙන් ඔහුගේ සටන් තමන් ඇතුළු පිරිස භාරගන්නා බව එහි ගිය හිමිවරු පිරිසක් කියා ඇතැයි ද ඔහු කීවේය. නාපානේ පේමසිරි රාමඤ්ඤ නිකායේ මහ නායක, නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනු නාහිමි ඇතුළු තවත් නා හිමිවරු කිහිප දෙනෙක් ද විමල් වීරවංශ මහතාට උපවාසය අත්හරින ලෙස ලිඛිතව දැනුම් දී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
-Lankadeepa

ඉල්ලා අස්වීමේ නිල ලේඛණය බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයට භාරදෙයි

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ නිල ලේඛණය බ්‍රිතාන්‍ය විසින් යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

(Article 50)ලෙස හැඳින්වෙන මෙම ලේඛණය යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය නියෝජිත ටිම් බැරෝ විසිනුයි ඉදිරිපත් කරනු ලැබුවේ.  පසුගිය වසරේ ජුනි මස 23 වනදා පැවති ජනමත විචාරණයකින් අනතුරුව තීරණය කෙරුනේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවටයි. මෙම ඉල්ලීම පිළිබඳ යුරෝපා සංගමයේ සභාපතිවරයා විසින් තීරණයක් ලබාදීමට නියමිතයි. බ්‍රිතාන්‍යයේ විශේෂ නියෝජිතයකු විසින් අදාළ ලියවිල්ල බ්‍රසල්ස් නුවරට රැගෙන විත් තිබුනේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි. කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර එය ජාත්‍යන්තරයේ දැඩි කථාබහට ලක්වු කරුණක්.

-HiruNews

බුදුන්ගේ හඬින් ධර්මය අසන්නට විද්‍යාඥයින් පිරිසක් උත්සාහයක

මෙම විශ්වයේ මිනිසුන්ගේ හඬවල් පවතින බව ජර්මානු විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙනවා.

ඔවුන් පවසන්නේ වසර දහස් ගණනකට පෙර ජීවත්වූ මිනිසුන්ගේ හඬ පවා ඒ තුළ පවතින බවයි. කෙසේ නමුත් ඔවුන් එම ශබ්ධ තරංග පටිගත කරගෙන ඇති නමුත් ඒවා අපහැදිලි තත්ත්වයේ පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. විශේෂයෙන්ම ඔවුන් පවසා තිබෙන්නේ ගෞතම බුදුන්ගේ කටහඬ කෙරෙහිද වැඩි අවධානයක් යොමුකර තිබෙන බවයි. නමුත් එම කටහඬවල් වෙන් කරගැනීමට පර්යේෂණ සිදුකරන බවද ඔවුන් පවසා තිබෙනවා. එලෙස විශේෂ පුද්ගලයන්ගේ ප්‍රකාශ කිරීම් එම කටහඬින්ම ඇසීමට අනාගතයේදී හැකියාව ඇති වනු ඇති බවයි ජර්මානු පර්යේෂකයින් වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ.

-Hiru

සා.පෙළ විශිෂ්ටයෝ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්වීමට කොළඹ විශාඛා බාලිකා මහා විදුහලේ අනුකි චමත්කා පැස්‌කුවල් සිසුවිය සමත් වී ඇත.

මහනුවර මහාමායා බාලිකා විදුහලේ එස්‌. එම්. මුණසිංහ සිසුවිය දෙවැනි ස්‌ථානයට ද කොළඹ ආනන්ද විදුහලේ ආර්. එම්. සුගත් රවිඳු සස්‌වර සහ මාතර රාහුල විදුහලේ දිමුත් ඕෂධ මිරිස්‌සගේ යන සිසුහු තෙවැනි ස්‌ථානයටද පත්ව සිටිති.

ගම්පහ රත්නාවලී බාලිකා මහා විදුහලේ එච්. බී. පබසරා මලිති කුමාරි හේරත් සිසුවිය සිව්වැනි ස්‌ථානයට පත්ව සිටියි.

කොළඹ දේවි බාලිකා විදුහලේ ඩී. එම්. රනුමි දිසරණී නානායක්‌කාර, ගාල්ල සංඝමිත්තා බාලිකාවේ ඒ. දම්සරා මේධාවී යන සිසුවියෝද යාපනය හින්දු විදුහලේ ඒ. අභිනන්දන් සිසුවාද පස්‌වැනි ස්‌ථානය ලබා සිටිති.

ගාල්ල සවුත්ලන්ඩ්ස්‌ විදුහලේ කේ. ජී. ජී. ඊ. රන්aදිනි ද සිල්වා සහ මාතර සුජාතා විදුහලේ ඊ. ඒ. යසාරා උමාෂී යන සිසුවියෝ සය වැනි ස්‌ථානය ලබා තිබේ.

-Lankadeepa

දැවැන්ත රත්‍රන් කාසියක් සොරා ගනියි

ජර්මනියේ කෞතුකාගාරයක තිබූ එලිසබෙත් රැජිණ ගේ රුව සහිත ඩොලර් මිලියන 4 ක් වටිනා දැවැන්ත ප්‍රමාණයේ රත්‍රන් කාසියක් සොරකම් කර ඇති බව වාර්තාවේ.

“big maple leaf” නමින් හැඳින්වුණු කැරට් 24 පිරිසිදු රත්‍රන් වලින් නිමවා ඇති කිලෝග්‍රෑම් 100 ක් බරැති කාසියේ සඳහන් වටිනාකම ඩොලර් මිලියන එකකි.

එහෙත් වත්මන් රත්‍රන් මිල ගණන් අනුව කාසිය එයට වඩා ඉතා ඉහළ වටිනාකමකින් යුක්තවේ.

බර්ලින් නුවර බෝඩි කෞතුකාගාරයේ තිබියදී මෙය සොරා ගෙන ගොස් ඇත්තේ රාත්‍රී කාලයේදීය.

අනතුරු සංඥා ක්‍රියා විරහිත කොට මීටර් භාගයක් පමණ පළලින් යුතු හා විශාල බරකින් යුතු මේ කාසිය සොරුන් රැගෙන ගියේ කෙසේදැයි තවමත් අනාවරණය වී නැත.

සඳුදා උදෑසන 03.30 ට පමණ සොරකම සිදුවූ බව විශ්වාස කෙරෙයි.

තනි පුද්ගලයෙකුට ඔසවාගෙන යා නොහැකි බරකින් යුතු මෙම රත්‍රන් කාසිය රැගෙන යාම සඳහා සොරුන් ජනේලයකින් ඇතුළුවී ඇති බව පොලීසිය පවසයි.

මේ අතර අසල වූ දුම්රිය මාර්ගයක තිබී ඉණිමගක් සොයාගෙන තිබේ.

-BBC

සිසුහු දෙදෙනෙක් පොලිසියේදී වාර විභාගයට ලියති

සොරකමක් සම්බන්ධයෙන් හා මත්දුම්කොල විශේෂයක් භාවිත කර සිටියදී පොලිස් භාරයට ගත් බව කියන පාසැල් සිසුන් දෙදෙනෙකුට ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සකස් කරන ලද විභාග ශාලාවක් තුළ දී අද (28) පාසැල් වාර විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිසුන් දෙදෙනාගේ විභාග කටයුතු අධීක්ෂණය සදහා නියෝජ්‍ය විදුහල්පතිවරයකු ද යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

-Lankadeepa

දඬුවම් කළ යුත්තේ යුද අපරාධකරුවන්ට මිස සමස්ත හමුදාවට නොවේ – විග්නේෂ්වරන්

තමන් සමස්ථ හමුදාවටම දඩුවම් දිය යුතුයැයි කිසි විටක සදහන් නොකරන බවත් යුද්ධය මුවාවෙන් අපරාධ කළ පිරිස්වලට දඩුවම් කළ යුතු යැයි බලකර සිටින බවත් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.

උතුරේ සංචාරයක නිරත වූ ශ්‍රීලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිවරයා සමගින් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින්  මහ ඇමැතිවරයා මේ බව සදහන් කර ඇත.

මෙහිදී මාධ්‍යවේදින් පසුගියදා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය රණවිරුවන් නීතිය ඉදිරියට ගෙන නොයන බවට කරන ලද් ප්‍රකාශය සම්බන්ධයෙන් මහ ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයා මේ අදහස් පලකර සිටියේය.

හිටපු ජනාධිපතිනියගේ එම ප්‍රකාශය අළුත් දෙයක් නෙවෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් ඒ ප්‍රකාශ කලා. යුද්ධයේදී යුද අපරාධ කළ හමුදා නිලදාරීන් දඩුවම් ලැබිය යුතුයි. ඒ හැර යුද්ධයේ කැපවූ සමස්ථ රණවිරුවන්ම දඩුවම් ලැබිය යුතු නැහැ. එහෙම අපි කියන්නෙත් නෑ. ජාත්‍යන්තරය කියන්නෙත් නෑ.

උදාහරණයකට එක් පාසලක එක් සිසුවෙකු වරදක් කලා නම් එම සිසුවාට දඩුවම් කරනවා කියන්නේ සමස්ථ පාසලටම දොස් පැවරීමක් වෙන්නෙ නැහැනේ. තනි පුද්ගලයකු යුද්ධයේදී හෝ යුද්ධයට පසු අපරාධ කලා නම් ඊට සම්බන්ධ අය කවුරුන්ද කියල හඳුනාගෙන දඩුවම් කරන්න කියල බල කරනවා.අමතරව මුළු හමුදාවටම දඩුවම් කළයුතු නෑ

-Lankadeepa

ඇමැතිවරුන්ට කෝටි 37ක වාහන


ඇමැතිවරුන් තිදෙනෙකුට, නියෝජ්‍ය ඇමැතිවරුන් හතරදෙනෙකුට, රාජ්‍ය ඇමැතිවරයකුට හා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් තිස්හත් කෝටි දසලක්ෂ අනූහත් දහසක (37,10,97,000) මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත. වාහන නවයක් මිලදී ගැනීමේ පරිපූරක ඇස්තමේන්තුව ආණ්ඩු පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවට ඉකුත් සිකුරාදා (24) ඉදිරිපත් කළේය. සෞඛ්‍ය ‍පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිවරයාටවාහනයක් සහ නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 8,20,000.00 ක මුදලක්ද, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමතිවරයාට වාහනයක් සහ නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 8,60,000.00 ක මුදලක්ද, වැවිලි කර්මාන්ත ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 4,00,000.00 ක මුදලක්ද ඉල්ලා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.
මීට අමතරව ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීමට රුපියල් 3,82,000.00 ක මුදලක්ද, පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 4,30, 000.00 ක මුදලක්ද මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.තවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල්  4,20,000.00 ක මුදලක්ද මෙමගින් ඉල්ලා ඇත.වාහන මිලදී ගැනීමේ පරිපූරක ඇස්තමේන්තු මුදල තුළ බදු මුදල්ද ඇතුළත් වන බව එහි දක්වා තිබේ.

බන්ධනාගාරයෙන් වෙඩි නොවදින බසයක්

බන්ධනාගාරගත වන දරුණු අපරාධකරුවන් සහ පාතාල සාමාජිකයින් රැගෙනයාම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වෙඩි නොවදින ආරක්ෂක බස් රථයක් නිර්මාණය කර තිබේ.

මෙම බස් රථය නිර්මාණය කර ඇත්තේ කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරී ආර් ඩබ්ලිව් ඩබ්ලිව් යූ ඩී සම්ප්රයෝ මහතාගේ සංකල්පයක් අනුවය. බන්ධනාගාර භාවිතයේ තිබූ බස් රථයක් නවීකරණය කරමින් මෙම වෙඩි නොවදින බස් රථය නිර්මාණය කර ඇත.

මෙවැනි බස් රථයක් විදේශයකින් ආනයනය කළේ නම් රුපියල් ලක්ෂ 20 පමණ මුදලක් වැය වන බවත්, මෙම බස් රථය නවීකරණය කිරීම සඳහා වැයවූයේ රුපියල් ලක්ෂ 7 මුදලක් බවත් බන්ධනාගාර  අමාත්යාංශ ප්රකාශකයෙක් පැවසීය.

නාලන්දා විදුහල්පති ඉවත් කරයි

කොළඹ නාලාන්ද විද්‍යාලයයේ විදුහල්පති ජේ එච් එන් ඩබ්ලිව් රංජිත් ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කළ බව අධ්‍යාපන අමාත්‍යංශ්‍ය කියයි.

පාසලේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් පැවැත්වූ අතර එහි වාර්තාව විමර්ශන ඒකකය මගින් අධ්‍යාපන ලේකම්වරයා වෙත බාර දී තිබිණි. එම හේතුව සහ තවත් හේතු ගණනාවක් නිසා ජයසුන්දර මහතා නාලාන්දා විද්‍යාලයෙන් ඉවත් කළ බව අමාත්‍යංශය සඳහන් කරයි.

නාලන්දා විදුහල්පති ස්ථාන මාරු කිරීමට මීට මසකට පමණ පෙර තීරණය කර තිබුණත් අලුත් විදුහල්පතිවරයකු සොයා ගැනීමේ දුෂ්කරතාවය නිසා එය ප්‍රමාධ වූ බවත්, ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකු ද මේ ආකාරයටම ඉදිරියේදී ඉවත් කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.