ඇමති රිෂාඩ්, පක්‍ෂයේ ප‍්‍රතිපත්ති කඩන බව පක්‍ෂ ලේකම් පවසයි

සමස්ථලංකා මහජන කොන්ග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පක්‍ෂ ව්‍යවස්ථාව කඩකරමින් ව්‍යාජ පක්‍ෂ සමුලූවක් පැවැත්වූ බව එම පක්‍ෂ‍යේ ලේකම් වෛද්‍ය එල්.ඒ. සමීඩ් මහතා චෝදනා කර ඇත.

තවදුරටත් කරුණු දක්වන ඒ මහතා මීට පෙරද අමාත්‍යවරයා පක්‍ෂ ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් පක්‍ෂ සාමාජිකයන් නොවන අයවලූන්ගෙන් අත්සන් ගෙන මැතිවරණ කොමසාරිස්වරයාට ව්‍යාජ ලිපි යවා ඇති බව ද පවසයි.

 

අතුරුදහන්වූවන් පිළිබඳ අගමැතිගේ ප‍්‍රකාශය පිළිගන්න බෑ

අතුරුදහන්වූවන් බොහෝ දෙනෙකු ජීවතුන් අතර සිටීමට අවස්ථාවක් නොමැති බවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශය පිළිගත නොහැකි බව අතුරුදහන්වූවන් පිලිබඳ සොයා බැලීමේ කමිටුව පවසා ඇත.

යහපාලනය යටතේ ද අතුරුදහන්වූවන් නිදහස්වී ඇති බවට පවසන එම කමිටුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අතුරුදහන්වූවන් 4 දෙනෙකු නිදහස් වී ඇති බව ද සඳහන් කරයි. මේ හැර පසුගිය පාලන සමයේ තිබූ රහසිගත කඳවුරුවලින් ද අතුරුදහන්වූවන් නිදහස් කර ඇතැයි ද එම කමිටුව තවදුරටත් ප‍්‍රකාශ කොට ඇත.

විදුලිබිල අඩුකිරීමට රජය ක්‍රියාකරනවලූ

විදුලිබිල අඩුකිරීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට විදුලිබල හා පුනර්ජානනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කටයුතු කරගෙන යන බව දැනගන්නට ඇත.

ඒ අනුව කාර්ය බහුල වේලාවන්වල විදුලිය පරිභෝනය නොකර සෙසු වේලාවන්වල පරිභෝජනය කරන්නන් වෙනුවෙන් අවම මිලක් ලබාදීමටත් පස්වරු 6’30 සිට 10’30 දක්වා විදුලිය පරිභෝජනය නොකර සෙසු වේලාවන්වල පරිභෝජනය කරන්නන් වෙනුවෙන් අවම ක‍්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද දැනගන්නට ඇත.

අවුලක් වී ඇති භික්‍ෂු කථිකාවත් සකස්කළේ මහා නාහිමිවරුලූ

අර්බුදයකට ලක්වී තිබෙන ථෙරවාදී භික්‍ෂු කථිකාවත පනත සකස්කරන ලද්දේ ත්‍රයිනිකායක මහා නාහිමිවරු බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජයදාස රාපක්‍ෂ මහතා ප‍්‍ර‍්‍රකාශ කර සිටියි.

ඒ මහතා තවදුරටත් ප‍්‍රකාහ කර සිටින්නේ මහා නායකහිමිවරු සකස් කළ මෙම පනත සඳහා නීතිමය බලයක් ලබාදීමට රජය කටයුතු කළ බවයි. මහා නාහිමිවරුන් විසින් සකස්කළ එම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව ද ඒ මහතා තවදුරටත් පෙන්වා දී ඇත.

ඇඹිලිපිටිය පොලීසියේ ඒ.එස්.පී. ඇතුලූ 21ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරයි

ඇඹිලිපිටිය සිද්ධියෙන් මිය ගිය සුමිත් ප‍්‍රසන්න යන අයගේ මරණය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩි. වික‍්‍රමරත්න මහතා පැවැත්වූ පරීක්‍ෂණයේ මුලික වාර්තාවක් පොලිස්පතිට බාර දී ඇති අතර, ඒ වර්තාවට අනුව එම සිද්ධියට සම්බන්ධ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ඇතුලූ ඇඹිලිපිටිය පොලීසියේ සේවය කළ 21 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව ලබන බ‍්‍රහස්පතින්දා පොලිස් කොමිසම ද පරීක්‍ෂණයක් කිරීම ආරම්භ කරනු ඇත.

තෙල් මිල අඩු කිරීමේ කැබිනට් පති‍්‍රකාව අද එනවලූ

ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ඉතිහාසයේ කිසිදාක නොවූ අයුරින් විශාල වශයෙන් අඩුවී තිබීම නිසා ශී‍්‍ර ලංකාවේ තෙල් මිල අඩු කිරීමට මිලසූත‍්‍රයක් ගෙන ඒමට අදාල කැබිනට් පති‍්‍රකාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප‍්‍රකාශ කොට ඇත.

පසුගිය කැබිනට් මණ්ඩලයට මෙම මිල සූත‍්‍රය තමා ඉදිරිපත් කළ බව ද, මුදල් අමාත්‍යංශය විසින් ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට සතියක කාලයත් ඉල්ලා සිටි බැවින් ඒ සඳහා අවස්ථාව ලබාදුන් බව ද, එමනිසා මෙම අමාත්‍ය මණ්ඩලයේදී මේ සඳහා අවසන් එකඟතාවයට පැමිණීමට කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

 

දුම්වැටි මාරයා වසරකට 20,000ක් බිලි ගනී

ශ‍්‍රි ලංකාවේ ජනතාව දුම්බීම නිසා වාර්ෂිකව 20,000ක් පමණ මරණයට පත්වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා විශාල පියවර රැසක් ගෙන ඇති අතර නීති විරෝධී ලෙස ලංකාවට ගෙන්වන සියලූම දුම්වැටි තහනම් කොට ඇති අතර, මෙම දුම්වැටි විරෝධී නීතිය ඉතා තදින් ක‍්‍රියාත්මක කිරීමට ද අමාත්‍යාංශය ඉදිරියේදී බලාපොරොත්තු වේ.

අමාත්‍ය මණ්ඩලය ද මෙරටට නීති විරෝධී අයුරින් ආනයනය කරනු ලබන දුම්වැටි තහනම් කිරීමට අනුමැතිය ලබා දී තිබේ. මෙසේ නීති විරෝධීව ගෙන්වන දුම්වැටි පැකට්වල දුම්පානය කිරීමෙන් ඇතිවන විපාක පිළිබඳ ඡායාරූප ඇතුලත් කොට නැත. කුමන නීති ක‍්‍රියාත්මක කළත් තවමත් ශ‍්‍රී ලංකාවේ දුම්වැටිවලින් ඇතිවන හානිය වැළැක්වීමට හැකියාව ලැබී නැත.

අනේ පව්! මන්තී‍්‍රවරියන්ටත් පාර්ලිමේන්තුවේදී ලිංගික හිංසා

රටේම උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවට පත්වන මන්ත‍්‍රීවරියන්ටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමතිවරුන්ගෙන් බරපතල ලිංගික හිංසා ඇතිවන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය චන්‍ද්‍රානි බණ්ඩාර මහත්මිය ප‍්‍රකාශ කොට ඇත.

සමහර මැති ඇමතිවරු පාර්ලිමේන්තුවට එන මන්ත‍්‍රීවරියන් කෙළි බඩු ලෙස සළකන බව ද ප‍්‍රකාශ කරන එතුමිය මෙම ලිංගික හිංසාවන් පිළිබඳ සොයා බලා කථානායකවරයාට පැමිණිලි කරන බව ද ප‍්‍රකාශ කර සිටී.

තොරතුරු දැනගැනීමේ පනත පලාත් සභා කිහිපයක් අනුමත කරයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත තොරතුරු දැනගැනීමේ පනත ඊට ප‍්‍රථම පළාත් සභාවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අතර, බස්නාහිර පළාත් සභාව ඇතුලූ පළාත් සභා ගණනාවක් ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති අතර අනෙකුත් පළාත් සභා ද ඉක්මණින් මෙය අනුමත කරන බවට ද තමන් බලාපොරොත්තු වන බව ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා ප‍්‍රකාශ කර සිටී. පළාත්සභාවල අනමැතියෙන් අනතුරුව එම පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පුංචි ඡන්දයට කලින් නව පක්‍ෂය බිහි කිරීම සඳහා විශ්ව විද්‍යාල ඇදුරන් රැසක් වැඩ

එළැඹෙන පලාත් පාලන මැතිවරණයට ප‍්‍රථමයෙන් නව පක්‍ෂය බිහි කිරීම සඳහා හිටපු ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ආචාර්ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ප‍්‍රමුඛ විශ්ව විද්‍යාල ඇදුරන් රැසක් කටයුතු කරගෙන යයි.

පසුගිය කාලයේ මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ මෙම උගතුන් පිරිස එතුමාගේ නායකත්වය යටතේ පුංචි ඡන්දය ජයග‍්‍රහණය කොට මෙම රජය පෙරළා දැමීම සඳහා මූලික අඩිතාලම දැමීමට මෙම පළාත් පාලන මැතිවරණය යොදා ගැනීමට කටයුතු කරමින් සිටී. මෙම උගතුන්ගේ ප‍්‍රධානත්වයෙන් සෑම දිස්ත‍්‍රික්කයකම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් හා මහින්දවාදීන් පිරිස් එක්රැස් කරමින් සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු කොට ඇත. මෙහි මුල් සම්මන්ත‍්‍රණ පසුගියදා මාතලේ හා අම්පාරේදී පැවැත්වූ බව ද දැනගන්නට ඇත.