ඇමැති රාධාක්‍රිෂ්ණන් කලකිරෙයි- 23 වැනිදා තීරණයක් ගන්නවලු- හෙට විශේෂ රැස්වීමක්

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරයේ තමන් තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබදව මේ මස 23 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශ වැය ශිර්ෂයෙන් පසු තමන් තිරණයට එළඹෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්නන් මහතා අවධාරණය කරයි.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටින්නේ තමන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වුවද තමන්ට අමාත්‍යංශයෙන් කිසිදු වැඩ කටයුත්තක් සිදු කිරීමට එම අමාත්‍යංශයේ නිලධාරින් සහයෝගය ලබා නොදෙන බවයි.

තමන්දෙමළ විෂය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පවත්නා තත්ත්වය මත ගැටලු රැසක් මතුවි ඇති බවද හෙතෙම පැවැසීය

තමන්ට පැන නැගී ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා පවත්වා එයට විසදුක් නොලද නිසා ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා සමග සාකච්ඡා පැවැත්වු අවස්ථාවේ ජනාධිපතිවරයා මේ පිළිබදව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලෙස පැවසීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සමග ද මේ සම්බන්ධව සාකච්ඡා කළ ද එයටද විසදුමක් නොලද නිසා තමන් දැඩි තිරණයකට එළඹි බවයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්නන් මහතා කියා සිටින්නේ. තමන් මධ්‍යම පළාතේ දෙමළ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේදී මීට වඩා අධ්‍යාපනය වෙනුවෙන් යමක් කළ බවත් තමන් දැනට දරන අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කිසිදු වැඩ කටයුත්තක් සිදු කිරීමට අවකාශ නොලැබීම සම්බන්ධයෙන් කදුරට ජනතා පෙරමුණේ විශේෂ රැස් වීමක් හෙට (11) නුවරඑළියේදී  පවත්වා තම පක්ෂයේ තීරණය අනුව තමන් ඉදිරි පියවර ගන්නා බවයි.

රාජ්‍ය අමාත්‍ය ධුරය හැරගියද තමන් වත්මන රජය බලයට පත්කිරීමට විශාල කැපවීමකින් කටයුතු කළ නිසා රජයෙන් ඉවත් නොවන බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්නන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍ය වරයා මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ හඬ පටය ඉහතින් අහන්න.

14 වැඩි සැමට ඩිජිටල් කාඩ්පතක්

මෙරට වැසියන්ගේ සියලූම ජීවදත්ත තොරතුරු ඇතුළත් ඩිජිටල් කාඩ්පතක් ලබන වසරේදී හඳුන්වා දෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

වයස අවුරුදු 14ට වැඩි සියලුදෙනාට මෙම කාඩ්පත හඳුන්වාදෙන බව අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙරට වැසියන්ගේ ජීව දත්ත හා ඔවුන් රාජ්‍ය ආයතන සමග සිදුකරන සියලු කටයුතු පිළිබඳ තොරතුරු එහි අඩංගුව බවද ඒ මහතා කීවේය.

මෙරට රාජ්‍ය අංශයේ කටයුතු ඩිජිටල්කරණය නොකිරීම නිසා දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 2ක පාඩුවක් ලබන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

-අද දෙරණ

ජගත් සාගර දිනය අදයි

ජගත් සාගර දිනය අද (08)ට යෙදී තිබෙනවා.

සමුද්‍ර පරිසරයේ වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජුනි මස 08 වනදා ජගත් සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

‘‘සෞඛ්‍යවත් මහ සයුර – ලොවක් සුඛිතවත් කරයි’’ යන්න මෙවර ජගත් සාගර දිනයේ තේමාවයි.

මීට සමගාමීව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් සමුද්‍ර පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් සංවිධාන කර තිබෙනවා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

සිවිල් සමාජය

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පැවතීමට නම් රජ්ය සමග කේවල් කලහැකි බලවත් සිවිල් සමාජයක් අවශ්‍යය. සිවිල් සමාජය සක්තිමත් නැතිතැනක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් එකින් එක නැතිවයයි. එයට හේතුවන්නේ රාජ්‍යයනුම යටපත්කිරීමේ මෙවලමක් බැවිනි. එම මෙවලම ආම්බාන් කලහැක්කේම සිවිල් සමාජය අවදිමත් එකක්නම් පමනි. දියුනු ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා සිවිල්සමාජය අකර්මන්‍යවූ සෑමමොහොතකම රාජ්‍යය ජන අයිතීන් කප්පාදුවට සැරසෙති. එනිසා දැනුවත් සිවිල්සමාජයක් ඇති කරගැනීම අපට ඇති වැදගත්ම කාරියයි.

නමුත් සිවිල් සමාජය සන්විදානය කිරීම පහසු නැති කාරියකි. විසේසයෙන්ම තම අයිතීන් පිලිබඳ පනීසිටීමට පුරුදු පුහුනු කරනැති සමාජයක එයවඩාත් අපහසුය. සිවිල් සමජයන් සන්විදානය කිරීමේදී එයට මුල්කර ගත යුතු ප්‍රස්න රටින් රටට වෙනස්ය. නමුත් සිවිල් සමාජයක් ඇතිකර ගැනීමට දැක්ම සහ වැඩපිලිවෙල එකක්ය.

සිවිල්සමාජයයනු පතුරුනු සරල ජලගත වීමකි. එතුල ගොනුවන අයට ගොනුවීමට හෝ එකපෙලට සිටගැනීමට පොදුකරනාවක් තිබිය යුතුය. ජර්මනියේදී එය “වර්ගවාදයට සහ ෆැසිස්ට්වදයට එරෙහිවෙමු” කියා වියහැකි අතර ලන්කාවේදී එය “ජනවාරි 8 විප්ලවය රැකගනිමු – දූසිතයන් නීතිය ඉදිරියට ගෙන එමු” කියා වියහැක. එහිදී එයට එකට එක්වන පුද්ගලයන් ආගමික පසුබිමේසිට ව‍යාපරික ප්‍රජාව දක්වාවිහිදුනු සමාජ පැතිකඩක් වියහැක. එය පොදු කරුනකට පුලුල් ජලගතවීමකි.

මෙහිදී පක්ස ගොඩනැගීමේදී මෙන් සියලු කරුනු වලට එකඟ කන්ඩායමක් හැදීමේ ක්‍රමවේදය (මෙය පක්ස ගොඩනැගීමේ ක්‍රමවේදයයි.)වලන්ගු නැත. අරමුන මුල්කරගත් සනිදාන ගතවීමක් තුල මිනිසුන්, පක්ස, ආගම් ආදී සැම දෙනෙකුටම ගොනුවීමට ඉඩ තිබියයුතුය. අදාල කාරනයේදී එක්ව සිටියත් වෙනත් කාරනාවන්හිදී වෙනත් මත දැරිය හැක.

එමෙනිම සිවිල් සමජ කන්ඩායමක් සැමවිටම ක්‍රියකරනුයේ පවතින රජයට තෙරපුම් කන්ඩායමක් ලෙසිනි. රාජ්‍ය බලය ඇල්ලීම ඔවුන්ගේ අරමුන නොවෙති.

සිවිල් සමජය තම සන්විදාන කටයුතුවලදී රාජ්‍ය ආයතනයන්හි පහසුකම් සහ සම්පත් ප්‍රය්යෝජනයට ගැනීම හැකිසැමවිටම කලයුතුය. රාජ්‍ය සහ රාජ්‍ය දේපල ජනතා දේපලය. එනිසා හැකි සැමතැනම ඒවා ප්‍රයෝජනයට ගැනීම අපේ අයිතියකි.

සිවිල් සමාජය සන්විදානය කිරීමට ආකර්ශනීය වැඩකලයුතුය. 60 දසකයේ කොවූර්ලා මිත්‍යාමත වලට එරෙහිව රටපුර කල බූතයන් ඇල්ලීම, ගිනිපැගීම වැනි ක්‍රියා. සමාජය මිත්‍යාමත වලින් පිරී ඇති අදටත් මෙවැනි වැඩපිලිවෙලක් වලන්ගු බව මගේ වැටහීමයි.